නිශ්චිත බලාත්මක කිරීම් සහ විශ්වසනීය තොරතුරු – බුද්ධිමය දේපළ ආරක්ෂණය සම්බන්ධයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව ගත යුතු අත්‍යවශ්‍ය තීරණ.

සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් පෙරේරා.

ජුනි 08 වන දිනට යෙදුනු, ලෝක ව්‍යාජානුකරණයට එරෙහි වීමේ දිනයට (The World Anti-Counterfeiting Day) අනුගාමීව, ව්‍යාජානුකරණය කරන ලද සහ ප්‍රකාශන මංකොල්ල කෑම් සිදු කරන ලද නිෂ්පාදන මගින් අපේ ජීවිතවලට සහ ආර්ථිකයට සිදු කරනු ලබන බරපතළ බලපෑම ගැන අප විසින් අවබෝධ කර ගත යුතුව ඇත.

ලෝක ව්‍යාජානුකරණයට එරෙහි වීමේ දිනය, ගෝලීය ව්‍යාජානුකරණයට එරෙහි වන්නන්ගේ සමූහය [Global Anti-Counterfeiting Group (GACG)] විසින් ව්‍යාජානුකරණය සහ ප්‍රකාශන මංකොල්ලකෑමේ ව්‍යාපාරය මගින් ඇති කරනු ලබන අවදානම් සහ හානි ආමන්ත්‍රණය කිරීම පිණිස ඇති කරන ලද්දකි. මින් පෙර නොවූ විරූ ආකාරයට සිදුවන ලබන අලාභ ප්‍රමාණයන් වැඩි වෙමින් යන  බැවින් ගෝලීය ව්‍යාපාර සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් (“බු.දේ.අ.”) වලට අදාළව පවත්වනු ලබන හමුවීම්වල දී, GACG විසින් ඇති කරන ලද ව්‍යාජානුකරණයට එරෙහි වීමේ දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් වන අවධානය අතිශය ඉහළ යමින් පවතී. ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය සඳහා වන සංවිධානය Economic Co-operation and Development (OECD) 2019 වන තරම් මෑතක දී තක්සේරු කර ඇති ආකාරයට ගෝලීය ‘හොර බඩු’ වෙළඳාම 3.3% කින් වැඩි වී ඇත. ව්‍යාජානුකරණය සහ ප්‍රකාශන මංකොල්ලකෑමේ වෙළදාම මගින් බදු, කර්තෘභාග හා වෙනත් ආදායම් අහිමිවීම, රැකියා අහිමි වීම, කීර්තිය සහ ජනප්‍රසාදය අහිමි වීම සහ නවෝත්පාදනය සහ එයට ආයෝජනය කීරීම අහිමි වීම වැනි ප්‍රතිඵල ඇති වේ.

ව්‍යාජානුකරණය වශයෙන් සුලබව දක්නට ලැබෙනුයේ ඉහළ සන්නාමයන්ගේ නිෂ්පාදනවල ආකෘති ලෙස පැවතීම වුවත්, ප්‍රායෝගිකව එහි සැබෑ බලපෑම සම්බන්ධයෙන් වඩා පුළුල් දෘෂ්ටියකින් තහවුරු කරගත යුතු ව ඇත. සැබවින් ම ව්‍යාජානුකරණය, මිල අධික නිෂ්පාදනවලට පමණක් සීමා නොවන අතර  පාරිභෝගික නිෂ්පාදන, ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, ළමා සෙල්ලම් බඩු, ඇඳුම්, කෘමිනාශකවලට අයත් උපකරණ සහ මෝටර් රථ වාහන කොටස් යනාදී සෑම කර්මාන්තයකට ම බලපෑම් ඇති කරයි. සමාජ මාධ්‍යවල සහ විද්‍යුත් වාණිජ තලවල වර්ධනයත් සමග පාරිභෝගිකයන් විශේෂයෙන් ම සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම පිණිස සකස ලද නිෂ්පාදන මිලට ගැනීමේ දී, මෙවැනි නීති විරෝධී නිෂ්පාදන භාවිතා කිරීමෙන් ආරක්ෂා කරගැනීමට සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත. 2018 ගෝලීය සන්නාම ව්‍යාජානුකරණ කිරීමේ වාර්තාව (The Global Brand Counterfeiting Report) තක්සේරු කොට ඇති අකාරයට අන්තර්ජාලය මගින් ලොව පුරා සිදුවන ව්‍යාජානුකරණය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 323 කට (2017 දී) ආසන්න අලාභයක් සිදුවී ඇත. මේ මොහොතේ පැතිර යන කොවිඩ්19 වසංගතය හමුවේ ජනතාවගේ අවශ්‍යතාවන් පාදක කරගනිමින් මාර්ගගත ජාල ඔස්සේ, විශේෂයෙන් ම ව්‍යාජානුකරණය කරන ලද හා ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන විකිණීමේ කැළඹුම්කාරී රැල්ලක් අපට දැකගැනීමට හැකිව ඇත. මෙම වසංගත කාල පරිච්ඡේදය තුළ දී, ඖෂධ, තත්ත්වයෙන් උසස් ආහාර සහ තත්වයෙන් උසස් වෙනත් අයිතමයන් ව්‍යාජානුකරණයට බදුන් වීමේ අත්‍යන්ත අවදානමකට පාත්‍ර වී ඇත.

බු.දේ.අ. උල්ලංඝනය කරන්නන් කැපී පෙනෙන ලෙස දියුණු වී ඇති අතර නියාමනයකින් හා බදු ගෙවීමකින් තොරව ආනයනය කීරීමෙන් සහ විකිණීමෙන් ජාවාරමේ නිරත වේ. මෙලෙස නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද ලාභයන් අනෙකුත් නීතිවිරෝධී කටයුතු සදහා ප්‍රතිආයෝජනය කරනු ලබයි. එමනිසා, සංස්ථාපිත ප්‍රමුඛයන්, සන්නාම හිමිකරුවන් සහ පාරිභෝගිකයන් වශයෙන් අප සෑම දෙනෙකුට ම, එවැනි සමූහගත තලයන් වගවන ආකාරයෙන් පවත්වාගෙන යමින්, බු.දේ.අ. උල්ලංඝනය කරන්නන්ට එරෙහිව කටයුතු කරමින් සහ සබුද්ධික පාරිභෝගිකයන් බවට පවත්වෙමින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යුතුකමක් පවතී.


ශ්‍රී ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත, අන්තර්ජාතික TRIPS එකඟතාවට අනුකූල වන අතර එමගින් ප්‍රකාශන අයිතීන්, වෙළෙඳ ලකුණු, පේටන්ට් බලපත්‍ර සහ කාර්මික සැලසුම් යනාදී සන්නාම හිමිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබයි. ව්‍යාජානුකරණය එරෙහිව පවතින ප්‍රධානතම නෛතික පළිහ වශයෙන් බුද්ධිමය දේපළ පනත හදුනාගත හැකි අතර එම පනත යටතේ වෙළෙඳ ලකුණු හෝ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම, අසාධාරණ තරගය, නොමගයවනසුලු ව්‍යාපාර පරිචයන් සහ තවත් කාරණා සම්බන්ධයෙන් සිවිල් සහ/හෝ අපරාධ නීතිමය ප්‍රතිකර්ම ලබා ගත හැකි ය. තවද, 1809 අංක 17 දරන රේගු ආඥාපනතට ගෙන එන ලද සංශෝධනයක් මගින්, බුද්ධිමය දේපළ පනතට පටහැනි ව්‍යාජානුකරණය සහ ප්‍රකාශන මංකොල්ලකන ලද නිෂ්පාදන තහනමට ගැනීමටත් රඳවා තබා ගැනීමටත් බලය පවරා දීමෙන් නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කොට ඇත.


නමුත් මෙරට තුළ පවත්නා බු.දේ.අ. නීති රාමුව සාර්ථක වීම සදහා ශ්‍රී ලංකාව තුළ බුද්ධිමය දේපළ නීතින් ක්‍රියාවට නැංවීම සදහා බලය පවතින නියාමන අංශයන් විසින් මෙවැනි උල්ලංඝනය කිරීම් සිදු කරනු ලබන සෑම කෙනකුට ම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී මෙම භායානක හොර බඩු ආක්‍රමණය මගින් ඇති වන අවදානමට හා හානියට එරෙහිව ව්‍යාපාරය, කර්මාන්තය සහ පාරිභෝගිකයා සාමූහිකව ‘එක් හඬක්’ නැංවිය යුතු ය. තවද, ඍජුව ම වෙළෙඳපොළ, කර්මාන්ත සහ සන්නාම වලට ව්‍යාජානුකරණය නිසාවෙන් සිදු වූ අලාභයන් සම්බන්ධයෙන් වන දත්ත සහ සංගණන අදාළ පාර්ශවයන්ගෙන් ලබා ගත යුතු ය. එවැනි තීරණයක්, මේ මොහොතේ අපගේ බු.දේ.අ ආරක්ෂා කිරීමට අවශ්‍ය බවට වන ව්‍යාජානුකරණයට එරෙහිව ජාතික ඉල්ලීම සදහා ශක්තිමත් පදනමක් සපයනු ඇත.

අපගේ ජාතියේ අනාගත පරම්පරාවේ නිපැයුම්කරුවන්, උත්පාදකයන් සහ නායකයන් වන තරුණ ප්‍රජාවට මෙම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව ද්විතීයික අධ්‍යාපනය ලබා දිය යුතු බවට මම තරයේ විශ්වාස කරමි. 2021 අප්‍රේල් 26 වන දින ලෝක බුද්ධිමය දේපළ දිනයේ තේමාව වූ ‘බුද්ධිමය දේපළ සහ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්’ දෙසට අවධානය යොමු කරන විට, වර්ධනය වෙමින් සිටින කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව විසින් සිදු කරනු ලබන නව නිපැයුම් සහ නවෝත්පාදනයන් සහ ඒවායේ තරුණ ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා සුදුසු කාලය එළඹ ඇත. තවද, රට තුළ අන්තර්ජාතික වෙළඳාම සහ ආයෝජන වැඩි කර ගැනීමට අවධානය යොමු කරන මේ මොහොතේ දී, දේශීය ආර්ථිකය නගා සිටුවීම උදෙසා ආයෝජන ආරක්ෂණය සමග බු.දේ.අ. ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ. පවත්නා ව්‍යාපාරික වපසරිය තුළ දී ප්‍රධාන ආයෝජකයන් රටක ආයෝජනය කිරීමට පෙර එම රට තුළ පවත්නා බු.දේ.අ. නීති මෙන් ම එකී නීති බලාත්මක කරනු ලබන ආකාරය ද සොයා බලයි. එබැවින්, මෙම ලෝක ව්‍යාජානුකරණයට එරෙහිව කටයුතු කිරීමේ සතියේ දී ගෝලීය ප්‍රජාව එකමුතුව ව්‍යාජානුකරණයේ සහ ප්‍රකාශන මංකොල්ල කෑමේ ඇති නිශේධනාත්මක බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන විටෙක, සදාචාරවත් ගෝලීය පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා එක් ව උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ බු.දේ.අ. ආරක්ෂා කිරීම සදහා සටන් කළ යුතු ය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *