Unimo Enterprises සමාගම රු. 6,750,000/- සිට ආරම්භ වන විද්‍යුත් මෝටර් රථ තුනක් ඇතුළුව නව වාහන මාදිලි හතරක් එළිදක්වයි

United Motors Lanka PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Unimo Enterprises Limited, මෝටර් රථ සන්නාම තුනක් නියෝජනය කරන නව වාහන මාදිලි හතරක් Colombo Motor Show 2026 ප්‍රදර්ශනයේ දී එළිදැක්වීය. ශ්‍රී ලාංකික රියදුරන් වෙත දැරිය හැකි මිලකට, ප්‍රායෝගික සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන විසඳුම් ලබා දීමට සමාගම දක්වන කැපවීම මෙමඟින් තවදුරටත් තහවුරු වේ. මෙම නව හඳුන්වාදීම් අතරට JMEV EV2 සහ EV3 විද්‍යුත් හැච්බැක් (electric hatchbacks) රථ, JMC Grand Avenue ඩීසල් double cab රථය සහ ආසන 7කින් යුත් E5 Plus Range Extended Electric Vehicle (REEV) රථය ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ විද්‍යුත් වාහන භාවිතය දෙසට යොමු වෙමින් පවතින අතර, දැරිය හැකි මිලකට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ඇති ඉල්ලුම ද ඉහළ යමින් පවතී. ඒ අනුව, Unimo Enterprises සමාගම රුපියල් 6,750,000/- සිට ආරම්භ වන මිල ගණන් යටතේ JMC Group වෙතින් JMEV EV2 සහ EV3 විද්‍යුත් හැච්බැක් රථ හඳුන්වා දුන්නේ ය. ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති මෙම මාදිලිවල, වාහන ප්‍රභේදය අනුව wireless charging, ambient lighting, fast-charging පහසුකම සහ 360-degree camera පද්ධතිය වැනි නවීන අංග ඇතුළත් වේ. EV2 සහ EV3 රථ එදිනෙදා ගමන් බිමන් සඳහා ප්‍රායෝගික මෙන්ම පිරිවැය අවම විසඳුමකි.

Unimo සමාගම සිය double cab රථ පෙළ තවදුරටත් පුළුල් කරමින්, JMC Grand Avenue රථය ද එළිදැක්වීය. පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික භාවිතය යන දෙකටම ගැළපෙන පරිදි ශක්තිමත් ක්‍රියාකාරීත්වයක්, නවීන පෙනුමක් සහ ප්‍රායෝගික බවක් එක් කළ මෙය, බලසම්පන්න 2.5L ඩීසල් double cab රථයකි.

Unimo සමාගම සිය SUV රථ පෙළ තවදුරටත් ශක්තිමත් කරමින්, Forthing REEV රථය සාර්ථකව හඳුන්වා දීමෙන් අනතුරුව තවත් Range Extended Electric Vehicle (REEV) මාදිලියක් වන E5 Plus රථය හඳුන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ඇති එකම ආසන 7ක Range Extended Electric Vehicle (REEV) රථය වන E5 Plus මාදිලිය, එක්වර කිලෝමීටර 1,200ක් දක්වා ඒකාබද්ධ ධාවන පරාසයක් (combined driving range) ලබා දෙයි. විද්‍යුත් ධාවන පහසුකම සමඟ පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන range extender පහසුකම එක් කර ඇති බැවින්, සුවපහසුව, කාර්යක්ෂමතාව සහ දිගු දුර ධාවන හැකියාව සොයන පවුල් සඳහා මෙය කදිම තේරීමකි.

Unimo Enterprises සමාගම, Colombo Motor Show 2026 හිදී සිදු කළ මෙම හඳුන්වාදීම් හතර තුළින්, විද්‍යුත්, extended-range electric සහ ඩීසල් යන වාහන කාණ්ඩ හරහා දැරිය හැකි මිලකට, නවීන තාක්ෂණයෙන් යුත් සහ ප්‍රායෝගික ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික රියදුරන් වෙත ලබා දීමට ඇති සිය කැපවීම යළිත් තහවුරු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *