Groundworth සමූහය විසින් මාලඹේ පිට්ටුගල ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික කලාපය කේන්ද්‍ර කරගනිමින් ‘Urban One by Groundworth’ නමින් උසස් තත්ත්වයේ ඉඩම් ව්‍යාපෘතියක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. බිම් කොටස් 17කට පමණක් සීමා වූ මෙම ව්‍යාපෘතිය, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන දෙකකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි. එමෙන්ම, විශ්වවිද්‍යාල සහ පාසල්, සෞඛ්‍ය සේවා සහ වෙළෙඳ සංකීර්ණ ඇතුළු දෛනික පහසුකම් රැසකට පහසුවෙන් ළඟා විය හැකි බැවින්, ස්ථිර පදිංචියට මෙන්ම දිගුකාලීන ආයෝජනයකට ද මෙය සුදුසු අවස්ථාවකි.
ශීඝ්‍රයෙන් සංවර්ධනය වන, පදිංචියට සුදුසු වටපිටාවක පිහිටි Urban One ව්‍යාපෘතියෙන් මාලඹේ ප්‍රධාන වාණිජ හා අධ්‍යාපනික මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ළඟා විය හැකිය. කොළඹ දෙසට ගමන් කිරීමේ දී නව නුවර මාර්ගය සහ Low-Level Road සම්බන්ධ කරන කඩුවෙල අන්තර් හුවමාරුව, මෙම ව්‍යාපෘතියේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් පිහිටා ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ (E02) අතුරුගිරිය අන්තර් හුවමාරුවට ඇති දුර කිලෝමීටර 2ක් පමණි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Groundworth සමූහයේ කළමනාකාර අධ්යක්ෂ සහ සම-නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසීය. “පදිංචියට මෙන්ම ආයෝජනයට ද සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතුයි. ඒ අතර ප්‍රවේශ පහසුව, අධ්‍යාපනික හා දෛනික පහසුකම්වලට ඇති සමීපත්වය සහ ප්‍රදේශයේ ශීඝ්‍ර සංවර්ධනය වැදගත් වෙනවා. Urban One හරහා අප පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ මාලඹේ සංවර්ධනය වන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික පරිසරය තුළ තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට හෝ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කිරීමට ලැබෙන අවස්ථාවක්.”
මෙම ඉඩම් ව්‍යාපෘතියේ සිට SLIIT ආයතනයට කිලෝමීටර 1.5ක් පමණ වන අතර, පිට්ටුගල හන්දියට සහ මාලඹේ නගරයට ඇත්තේ කිලෝමීටරයක පමණ දුරකි. එමඟින් ප්‍රදේශයේ ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතනයකට පහසුවෙන් ළඟා විය හැකි අතර, වෘත්තිකයන් සහ සිසුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ආයෝජන අවස්ථාවක් ද උදා වේ. ඊට අමතරව, මාලඹේදී විවෘත වීමට නියමිත Gateway විද්‍යාලයට කිලෝමීටර 3.5ක් පමණ ද, අතුරුගිරියේ Medihelp ආයතනයට සහ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට කිලෝමීටර 2.5–3ක් පමණ ද දුරක් පවතී. SPAR, Keells සහ GLOMARK වැනි ප්රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් කිලෝමීටර 1.2ක් පමණ දුරින් පිහිටා ඇති අතර, පාසල්, බැංකු සහ ආපනශාලා ඇතුළු දෛනික පහසුකම් රැසක් ද ඒ ආසන්නයේ පිහිටා තිබේ.

පර්චස් 6 සිට ඉහළට ඇති බිම් කොටස්වලින් සමන්විත Urban One ව්‍යාපෘතිය නේවාසික සංවර්ධනයට ගැළපෙන පරිදි සැලසුම් කර ඇත. අඩි 30ක් පළල මාර්ග, තෙකලා විදුලි පහසුකම්, නළ ජල සම්බන්ධතා සහ නිරවුල් ඔප්පු සහිතව මෙම බිම් කොටස් පාරිභෝගිකයන් වෙත පිරිනැමේ. මාලඹේ තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික කලාපය ආශ්‍රිතව ඉහළ යන ඉඩම් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පදිංචියට සුදුසු නිශ්ශබ්ද මෙන්ම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන පරිසරයක මෙම ඉඩම් පිහිටා ඇත. මෙහි පර්චසයක ආරම්භක මිල රුපියල් මිලියන 1.85කි.