Hemas Consumer Brands හි, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමයන්ගෙන් එකක් වන Diva විසින් ‘Diva පවුලේ වාසනාව’ තරගයඔස්සේ සිය පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය අඛණ්ඩව සමරනු ලබයි. දශක දෙකකට අධික කාලයක් පුරා විශ්වාසය, ස්ථාවරත්වය සහ නවෝත්පාදනය මත ගොඩනැඟුණු උරුමයක් සහිත මෙම සන්නාමය, දිවයින පුරා දියත් කරන ලද මෙම තරගය තුළින් ශ්‍රී ලාංකීය පවුල් සමඟ ඇති තමන්ගේ ගැඹුරු බැඳීම යළිත් තහවුරු කරයි.
Diva හි පක්ෂපාතී පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් නිර්මාණය කරන ලද ‘Diva පවුලේ වාසනාව’ තරගයේ තුන්වන සහ අවසන් මාසික ජයග්‍රාහකයන් තේරීමේ දිනුම් ඇදීම පසුගියදා සාර්ථකව අවසන් විය. මෙම දිනුම් ඇදීම් හරහා, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර සහ ලැප්ටොප් පරිගණක ඇතුළු වටිනා ත්‍යාග රැසක් පාරිභෝගිකයන් රැසකට පිරිනැමීමට කටයුතු කෙරිණි. ජයග්‍රාහකයන් අතර, රෙදි සෝදන යන්ත්‍ර දිනාගත් ජා-ඇල ප්‍රදේශයේ පියුමාලි හේරත් සහ අනුරාධපුරයේ චාමනී ගලගොඩ ද රූපවාහිනී යන්ත්‍ර දිනාගත් රත්මලානේ කලණි අසන්තිකා ද සොයිසා සහ ගාල්ලේ නිසංසලා සඳමාලි ද ලැප්ටොප් පරිගණක දිනාගත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉරෝෂණී කුමාරි සහ ගම්පොළ මල්කාන්ති දයානන්ද ද වූහ.
මෙම ජයග්‍රාහකයන් Diva සන්නාමය ශ්‍රී ලාංකීය නිවාස සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වන බැඳීමට සාක්ෂියක් වන අතර, වසර 20 කට අධික කාලයක් තුළ සන්නාමය දිනා ගත් විශ්වාසය හා පක්ෂපාතීත්වය එයින් පිළිබිඹු වේ. රෙදි සේදුම් අංශය තුළ විප්ලවීය වෙනසක් සිදුකළ සන්නාමයක් ලෙස, Diva අඛණ්ඩව සහ නියමිත වේලාවට සිය සන්නාම පොරොන්දුව ඉටු කිරීමට කැපවී සිටියි.
වසර 20කට අධික කාලයක් පුරා ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ රැකවරණය පිරිනමමින් Diva දේශීය පවුල් අතර ස්ථාවර, විශ්වාසනීය නාමයක් ලෙස වර්ධනය වී ඇත. ‘Diva පවුලේ වාසනාව’ වැනි තරග හරහා, සිය සන්නාමය ගෘහ නාමයක් බවට පත් කළ පාරිභෝගිකයන්ට සිය ගෞරවය පුද කරන අතර, ඔවුන්ගේ පක්ෂපාතීත්වය වඩාත්ම ප්‍රතිලාභදායක ආකාරයෙන් සමරනු ලබයි.
Hemas Consumer Brands පිළිබඳව
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.