පාරිසරික කළමනාකරණය සහ සමාජ බලපෑම සමඟ දිගුකාලීන වර්ධනය සඳහා වන පෙළගැස්වීමක්
තිරසාරභාවය පිළිබඳ දැනුම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික අරමුණු එකිනෙකට සම්බන්ධ කරමින් Hayleys Fentons Limited විසින් පසුගියදා 2030 වසර දක්වා වන ESG මාර්ග සටහන ‘The Green Blueprint – ESG Roadmap 2030’ නමින් එළිදැක්වීම සිදු කරන ලදී.
මෙලෙසින් Hayleys Fentons ආයතනය විසින් 2030 වසර පිළිබඳ වූ සවිස්තරාත්මක ESG (පාරිසරික, සමාජ, පාලන) මාර්ග සටහනක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ හා EPC (ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම්) අංශයේ මෙන්ම MEP (යාන්ත්‍රික, විදුලි සහ ජල නළ) අංශයේද මෙවැනි ESG මාර්ග සටහනක් ප්‍රකාශයට පත් කළ පළමු ආයතනය බවට පත් වේ.
ඒ තුළින් වර්ධනය වන ව්‍යාපාරයන් සමඟ අත්වැල් බැඳගත හැකි සමාගමක් ලෙස සිය සන්නාම නාමයේ විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරමින් Hayleys Fentons ආයතනය ඉංජිනේරු තාක්‍ෂණය පිළිබඳ නායකත්වය උදෙසා නව අර්ථයක් මෙමඟින් එක් කරයි.
භූගෝලීය භාරකාරීත්වය, ප්‍රජාව කේන්ද්‍ර කරගත් හවුල්කාරීත්වය, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය මෙන්ම යහපත් පාලනය (Earth Stewardship, People-Centric Partnerships, Quality and Credibility and Good Governance) ආදී වූ මූලික කරුණු හතර මුල් කරගනිමින් මෙම ඉලක්කයන්හි අරමුණු නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂීත්වයක් වේ. භූගෝලීය භාරකාරීත්වය හරහා තිරසාර දේශගුණික ක්‍රියාමාර්ග, පාරිසරික අවදානම් අඩු කිරීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ආදී වූ කරුණු වෙනුවෙන් ස්වභාවධර්මය මත පදනම් වූ ආයතනයක් ලෙස Hayleys Fentons එහි භූමිකාව ශක්තිමත් කරනු ලබයි.
එමෙන්ම Hayleys Fentons ආයතනයේ ප්‍රජා කේන්ද්‍රීය හවුල්කාරීත්වය ඔස්සේ ප්‍රජාව සහ පරිසර පද්ධතිය එකිනෙකට සමාන්තර ලෙස ගොඩනැංවීමටද ඔවුන් කැපවී සිටියි. ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඔස්සේ සෑම ව්‍යාපෘතියක්ම පාරිභෝගික තෘප්තිය සහ ආරක්ෂාව සුරක්ෂිත කරමින් ඉංජිනේරු විශිෂ්ටත්වය සමඟින් සිදු කිරීම සඳහා වන Hayleys Fentons ආයතනයේ කැපවීමද මේ තුළින් ඉස්මතු කිරීම සිදු වේ.
ආයතනයේ කටයුතුවල විනිවිදභාවය, ආචාර ධර්ම සහ වගවීම ආදී ගුණාංගයන් මෙහි පරිපාලන කටයුතු ඔස්සේ අවධාරණය කරනු ලබන අතර තීරණ ගැනීමේදී සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ලබා ගැනීම සඳහා මෙහි ESG මූලධර්ම ඇතුළත් කරනු ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ මෙහෙයුම් ව්‍යූහය, උපාය මාර්ග, සංස්කෘතිය සහ වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළට වඩාත් ගැඹුරින් තිරසාරභාවය ඇතුළත් කිරීම සඳහා වූ උපායමාර්ගික සැලැස්මක් ලෙස මෙම ESG මාර්ග සටහන ක්‍රියාත්මක වෙනවා. ESG යනු තවදුරටත් අනුමාතෘකාවක් නොව වර්තමානය වන විට එය දිගුකාලීන තරඟකාරීත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ අදාළත්වය පිළිබඳ අනුගමනය කෙරෙන ප්‍රධාන නිර්ණායකයක් බවටද පත්ව තිබෙනවා.”
Hayleys Fentons Limited හි විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී පමුදිත් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “අපගේ එදිනෙදා තීරණ ගැනීමේ දී එයට තිරසාරභාවය එක් කර ගැනීම සඳහා මෙම ESG මාර්ග සටහන අපට මඟ පෙන්වීමක්ද වෙනවා. අපගේ කැපවීම් ක්‍රියාකාරී පියවරයන් බවට මෙම හරිත සැලැස්ම ඔස්සේ පරිවර්තනය කරනවා සේම එම අවස්ථාවන් පැහැදිලිව නිරීක්ෂණය කර වඩාත් විනිවිදභාවයක් සහිතව වාර්තාගත කිරීමට ද ඉවහල් වෙනවා.”
මේ පිළිබඳ Hayleys PLC හි සමූහ ESG අංශයේ සාමාන්‍යාධිකාරීනී ප්‍රෂානි ඉලංගසේකර මහත්මිය ඇයගේ අදහස් එක් කළේ මෙසේය. “සියලුම පාර්ශවයන් නියෝජනය වන දියුණු ලෝකයක් සැලසුම් කිරීම සඳහා Hayleys සමාගමේ සාමූහික කැපවීම මෙහිදී Hayleys Fentons හි ESG මාර්ග සටහන ඔස්සේ මැනවින් විදහා දක්වනවා.මනා දිරිමත් බවක් සමඟින් නවෝත්පාදනයන් මෙන්ම සහයෝගීතාවයක්ද මෙම ගමන කෙරෙහි අවශ්‍ය වන අතර මේ තුළින් අර්ථවත් මෙන්ම දිගුකාලීන බලපෑමක් ඇති කිරීම සඳහා වන අපගේ සාමූහික අධිෂ්ඨානය වඩාත් ශක්තිමත් කරනවා.”
මෙරට විශාලතම මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන Hayleys PLC හි සහය ඔස්සේ සියවසකට අධික ඉංජිනේරු විශිෂ්ටත්වයක් සහ පුනර්ජනනීය බලශක්තිය, තිරසාර පහසුකම් විසඳුම්, ජෛව විවිධත්ව සංරක්ෂණය මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය ආදිය පිළිබඳ සහතික කරන ලද වාර්තාවන් තැබීමටද Hayleys Fentons සමත් වී ඇත.
Hayleys Fentons ආයතනය විසින් මෙතෙක් අත්කර ගෙන ඇති ජයග්‍රහණයන් අතරට අපද්‍රව්‍ය වලින් 99.98%ක්ම චක්‍රීය ආර්ථිකයට හැරවීම(Circular Economy), ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 500කට අධික බලශක්ති ස්ථාපනය කිරීම, ISO 9001, ISO 14001, ISO 45001, ISO 50001, ISO 41001, ISO/IEC 27001 සහ ISO 14064-1 වැනි ජාත්‍යන්තරව පිළිගත් සහතික රැසක් හිමි කර ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කයන් සපුරා ගැනීම කෙරෙහි සිය දායකත්වය සැපයීම සඳහා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය සහ නඩත්තු කටයුතු ධාරිතාවයන් උපායමාර්ගිකව පුළුල් කිරීම ආදිය ඇතුළත් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons ආයතනයෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිසල් ලියනගේ මහතා (Group Compliance and ESG) මෙසේ ප්‍රකාශ කළේය.”අපගේ කණ්ඩායම් නායකත්ව වැඩසටහන්, විවිධත්වය, සමානාත්මතා ඇතුළත් කිරීමේ මුලපිරීම් (DEI) සහ ESG කේන්ද්‍ර කරගත් පුහුණුව හරහා ශක්තිමත් වෙන අතර ජාත්‍යන්තර මට්ටමේ වාර්තාකරණ ප්‍රමිතීන් මෙන්ම GRI, ISO 14064 සහ SLFRS S1/S2, ISO 14001, ISO 9001, ISO 45001 වැනි ජාත්‍යන්තර කළමනාකරණ පද්ධති ප්‍රමිතීන් සමඟ අපගේ කටයුතු තව තවත් සවිමත් කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමීව කටයුතු කිරීම, වගවීම ශක්තිමත් කිරීම සහ අනුකූලතාවය හරහා දීර්ඝකාලීන වටිනාකම් සහිත ආයතනයක් බවට පත් කරමින් අපගේ ESG ක්‍රියාවලිය විශාල බලපෑමක් ලබා දෙන බවට අපි සහතික කරනවා.”
2030 වසර වන විට 70%ක පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සූර්ය හා පුනර්ජනනීය බලශක්ති ධාරිතාවය පුළුල් කිරීම පිළිබඳ Hayleys Fentons ආයතනයෙහි අනාගත සැලසුම් මෙම දියත් කිරීම මඟින් ඉස්මතු කිරීමක්ද සිදු වේ.
එමෙන්ම “Roots of Resilience” කඩොලාන පද්ධති නැවත රෝපණය කිරීමේ වැඩසටහන සහ Hayleys සමූහයේ ‘කිරුළු ව්‍යාපෘතිය’ වැනි ජෛව විවිධත්ව ව්‍යාපෘතීන් වැඩිදියුණු කිරීම සඳහා චක්‍රීය ආර්ථික ප්‍රතිපත්තීන් මේ ඔස්සේ සවිබල ගැන්වේ. ගෝලීය ප්‍රමිතීන් සමඟ ශක්තිමත්ව පෙළගැසීම ඔස්සේ ESG ක්‍රියාවලිය වඩාත් පුළුල්ව සිදු කිරීම, සේවක සංවර්ධනය, DEI මුලපිරීම් (විවිධත්වය, සාධාරණත්වය සහ ඇතුළත් කිරීම), ප්‍රජාවන් සහ තිරසාර ජාල සමඟ හවුල්කාරීත්වයන් වේගවත් කිරීමට මේ ඔස්සේ Hayleys Fentons ආයතනය අපේක්ෂා කරයි. එපමණක් නොව නවෝත්පාදනය මුසු වූ තාක්‍ෂණය සමඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර කාබන් විමෝචනය අවම කරමින් තිරසාර යටිතල පහසුකම් විසඳුම් පිරිනැමීමද සුවිශේෂී වේ. ඉංජිනේරු විද්‍යාව සහ යටිතල පහසුකම් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීමේ දී මේ සියලු දේ ඔස්සේ Hayleys Fentons ආයතනයේ කැපවීම සහ ප්‍රමුඛත්වය මැනවින් ඉස්මතු වේ.