Shangri-La Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Weddings by Shangri – La: The Signature Edit විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා එක්දින ප්‍රදර්ශනයක් ලෙස Shangri – La Ballroom හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ. 2026 වසරේ විවාහපත්වීමේ අපේක්ෂාවෙන් සිටින යුවලවල් සඳහා සිය මංගල දිනය වඩාත් අලංකාර හා නිවැරදි අයුරින් සංවිධානය කරගැනීමට මෙන්ම සිය මධුසමය සඳහා සුවිශේෂි නිවාඩු අත්දැකීමක් ලබාගැනීමට මෙම අවස්ථාව උපකාරී වනු ඇත. Shangri la Colombo හා Shangri la Hambantota හි පවතින සුවිශේෂිත්වය විවාහ අපේක්ෂිත යුවලවල් වෙත ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.
කොළඹ නගරයේ පිහිටි වැඩි ඉඩ පහසුකම් සහිත , කුළුණු රහිත උත්සව ශාලාවක් වන Shangri la Ballroom හා කොළඹින් පිටත පිහිටි Shangri la Hambantota යන හෝටල් ද්විත්වයේම සුවිශේෂිත්වය මෙහිදි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය තුළින් 2026 වසරේ විවාහ අපේක්ෂිත යුවලවල් වෙත සිය විවාහ මංගල්‍යය හා මධුසමය සඳහා සුවිශේෂි වරප්‍රසාද හිමිවුණු ඇත. ඒ අතර සුවිශේෂි මිල ගණන්, සිය රුචිකත්වය අනුව සකස් කරගත හැකි පැකේජ හා තවත් තෝරාගත් සේවාවන් රැසක් ද ඇතුළත් වේ. මෙහිදී Shangri la හි මඟපෙන්වීම යටතේ මනාලිය හැඩගැස්වීම, මල් සැකසුම් නිර්මාණ, ඡායාරූප හා විඩීයෝ සඳහා ද ප්‍රතිලාභ ලබාදීම සුවිශේෂී කරුණකී.
Shangri-La Colombo හි සාමාන්‍යාධිකාරී Hervé Duboscq මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” දිගුකලක පටන් කොළඹ නගරයේ වඩාත් කැපී පෙනෙන හෝටලය බවට Shangri la Colombo පත් වී තිබෙනවා. එ වගේම කුළුණු රහිත Shangri la Grand Ballroom සමඟ විවාහ අපේක්ෂිත යුවලවල් වෙත සිය මංගල දිනය වඩාත් සුවිශේෂි දිනයක් බවට පත්කිරීමට අපි අවස්ථාව සලසා දී තිබෙනවා. සිය මංගල දිනය වඩාත් නිවැරදි අයුරින් සැලසුම් කිරීම සඳහා Weddings by Shangri – La: The Signature Edit වෙත සහභාගී වීමට අපි සියලු යුවලවල් වෙත ආරාධනා කර සිටිනවා.”
Shangri-La Hambantota හි සාමාන්‍යාධිකාරී Refhan Razeen මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “Shangri-La Hambantota යනු දකුණේ ස්වාභාවික සුන්දරත්වය එලෙසින් රැගෙන එන කොළඹින් පිටත පිහිටි විශාලතම කුළුණු රහිත හෝටලයයි. සිය ජිවිතයේ සුවිශේෂි දිනය අමරණිය දිනයක් බවට පත්කරගැනීමට Weddings by Shangri – La: The Signature Edit සමඟ එක්වන ලෙස අපි ආරාධනා කරනවා.”
Weddings by Shangri-La: The Signature Edit ලියාපදිංචි හා ආරාධිත අමුත්තන් සඳහා ඇතුල්වීමේ ගාස්තු අය නොකෙරේ.