ශ‍්‍රී ලංකාව සිය ප‍්‍රථම සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන දියත් කරයි

සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය විසින් දියත් කළ ජාතික මෙහෙවරකි.

ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) දියත් කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සදහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමෙහිලා මෙවැනි වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ. 

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් සහ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොන්ග‍්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප‍්‍රධාන විධායක නිලධාරී ගරු සෙන්තිල් ගෝපිනාත් මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන අද දියත් කිරීමට නියමිත ය. 

මෙරට සංවිධාන නායකයින් සහ වෘත්තිකයින් ගෝලීය වේදිකාව මත ශ‍්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ක‍්‍රියාකරවීමෙහිලා සම්බන්ධ කර ගැනීම සහ බලගැන්වීම ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහනේ අරමුණ වේ. දැනටමත් තානාපතිවරුන් 25 දෙනෙක් බදවා ගෙන ඇති SLCAP එම තානාපතිවරුන් නියෝජනය කරන ක්ෂේත‍්‍රයන්හී ජාත්‍යන්තර සම්මේලන ශ‍්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමෙහිලා සහය වනු නොඅනුමාන ය. මෙරට රැස්වීම්, දිරීගැන්වීම්, සම්මේලන සහ ප‍්‍රදර්ශන (MICE) අංශය නව මාවතකට යොමු කරමින් තිරසාරත්වය සහ දැනුම් හුවමාරුව ප‍්‍රවර්ධනය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ යි.

SLCAP දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්හී ප‍්‍රධාන විධායක නිලධාරී මිකෙල් ස්වෙන්සන් මහතා මෙසේ පවසන ලදි. ‘‘පරිපූර්ණ සහ ප‍්‍රවීණත්වයෙන් යුත් සංචාරක අත්දැකීම් පිරිනමන සංචාරක ක්ෂේත‍්‍රයේ විශේෂඥයකු ලෙස සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සමග එක්ව මෙම පරිවර්තනීය මුලපිරීම ඉදිරිපත් කිරීමට ලැබීම ගැන ආඩම්බර වේ. අපගේ ගැඹුරු දේශීය දැනුම සහ පුද්ගලාරෝපිත ප‍්‍රවේශය, ජාත්‍යන්තර සම්මේලන සදහා ප‍්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කරම්න් එහි සුවිශේෂී පිරිනැමීම් ලොවට ප‍්‍රදර්ශනය කිරීමට අපිට අවස්ථාව ලබා දෙයි.

එක් වහලක් යට 5000 ක් පමණ පිරිසකට ආගන්තුක සත්කාර සිදුකළ හැකි ධාරිතාවයකින් යුත් සිනමන් ලයිෆ් ඇට් සිටි ඔෆ් ඩ්‍රීම්ස්  ශ‍්‍රී ලංකා සමග අපි ශ‍්‍රී ලංකාවේ MICE කර්මාන්තය මෙහෙයවමින් ව්‍යාපාරික ඉසව් සදහා කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස රට ස්ථානගත කරන්නෙමු. අපගේ හවුල්කරුවන් සහ තානාපතිවරුන් සමග එක්ව මෙරට ඵෂක්‍ෑ හැකියාවන් සහ එහි ආකර්ෂණය ශක්තිමත් කරන ගතික වේදිකාවක් SLCAP විසින් නිර්මාණය කරනු ඇත.’’ 

SLCAP වැඩසටහනේ උපායමාර්ගික අරමුණු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සහ ශ‍්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මෙසේ පැවසුවේ ය. ‘‘ශ‍්‍රී ලංකාව ගෝලීය MICE මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමෙහිලා වූ අපගේ මෙහෙවරයේ වැදගත් ඉදිරි පියවරක් SLCAP නියෝජනය කරයි. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ලංසු තැබීමට දේශීය සංවිධාන නායකයින් උනන්දු කිරීමෙන් සහ සන්නද්ධ කිරීමෙන් මෙම කර්මාන්තය තුළ විශාල ප‍්‍රගතියක් ඇති කරමින් සැලකිය යුතු ආර්ථික සහ සාමාජීය ප‍්‍රතිලාභ ගෙන ඒමට අපිට හැකි ය.’’

මෙම ජාතික වැඩසටහන සදහා වූ හවුල්කාරිත්වය පිළිබදව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රිචඞ් නුටාල් මහතා මෙසේ පැවසුවේ ය. ‘‘ඉදිරි සම්මන්ත‍්‍රණ සදහා පැමිණෙන නියෝජිතයින්ට සහ සම්මන්ත‍්‍රණ සදහා සැපයුම් සහය ලබා දෙමින් SLCAP වෙත සහය දැක්වීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවය ඉතාමත් සතුටෙන් ඉදිරිපත් විය. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ ගෝලීය ප‍්‍රවේශය ශක්තිමත් කරනවා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ආශ්චර්යයන් ලෝකය සමග සම්බන්ධ කිරීමේ අපගේ දැක්ම සමග ද මනාව සැසදේ.’’

SLCAP හී තනාපතිවරුන්ගේ කාර්යභාරය වනුයේ ව්‍යාපාර ඉසව් මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ක‍්‍රියාකාරීව ප‍්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සුරක්ෂිත කර ගැනීමෙහිලා ලංසු සහ යෝජනා සැකසීමට සහය වීම, ව්‍යාපාරික ඉසව් සදහා සහභාගී වී දැනුම හුවමාරු කර ගැනීම සහ වැඩසටහනේ වර්ධනය සහ තිරසාරත්වය පවත්වා ගැනීම සදහා අනාගත තානාපතිවරුන් නම් කිරීම යනාදිය ය. MICE අංශය සදහා ඉහළ ප‍්‍රමිතීන් සකස් කරමින් ක්ෂේත‍්‍රය තුළ තිරසාර භාවිතයන්, පාරීසරික වගකීම් සහ සාමාජීය සමානාත්මතාවය පවත්වා ගැනීම යනාදියේ වැදගත්කම ද SLCAP අවධාරණය කරයි.

SLCAP වැනි වැඩසටහන් හරහා දේශීය කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය සහ දැනුම හුවමාරුව සදහා දායක වන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ආකර්ෂණය කර ගැනීම තුළින් මෙරට ආර්ථිකය තුළ තිරසාර බලපෑමක් ඇති කළ හැකි ය. ශ‍්‍රී ලංකාව ව්‍යාපාරික ඉසව් සදහා ගතික මෙන්ම වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කරමින් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයන්හී අරමුණු ඉටු කරන ආකාරය නිරූපණය කිරීමෙහිලා ද වැඩසටහන අවධානය යොමු කරයි.

පුරෝගාමී සත්කාරක නාමයක් ලෙස සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකාවේ සංචාරක සහ සත්කාරක ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීමෙහිලා පෙරමුණ ගෙන ක‍්‍රියා කරයි. SLCAP වැඩසටහන, ව්‍යාපාරික ඉසව් සදහා ලොව ප‍්‍රමුඛ පෙළේ මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිගැනීමට ලක් කිරීමට සත්කාරකත්වය, යටිතල පහසුකම් සහ උපායමාර්ගික දැක්ම යනාදිය ඒකාබද්ධ කිරීමෙහිලා සමාන මතවාදී හවුල්කරුවන් එක් කරගනිමින් ක‍්‍රියා කරයි.

SLCAP විසින් එහි තානාපතිවරුන්ගේ ප‍්‍රවීණත්වය සහ බලපෑම් උපයෝගී කරගෙන ශ‍්‍රී ලංකාවේ MICE ක්ෂේත‍්‍රය තුළ නව පෙරළියක් ඇති කිරීමට ක‍්‍රියා කරයි. සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය අතර සහයෝගීතාව, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන පෙළේ මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ස්ථානගත කිරීමේ අරමුණ ඇතිව මෙරට සංචාරක සහ සත්කාරක අංශය ඉදිරියට ගෙන යාමෙහිලා සාමූහික කැපවීමෙන් ක‍්‍රියා කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *