‘Soul of a City’ ඡායාරූප ප්‍රදර්ශනය මහනුවර නගරයේ ආත්ම කථනය විදහා දක්වයි

Soul of a City, ඡායාරූප ප්‍රදර්ශනය සහ අලෙවිය 2023 මාර්තු මස, 26 වැනි ඉරිදා දින  පෙ.ව. 10.00 සිට ප.ව 06.30 තෙක් කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට්, හැරල්ඩ් පීරිස් ගැලරියේ දී පැවැත්වෙයි.  කෝවිඩ් වසංගතය අතරතුර මහනුවර නගරයේ දී, නදීජ වීරරත්න විසින් ලබා ගත් කළු සුදු ඡායාරූප කිහිපයක් මෙහි දී ප්‍රදර්ශනය කෙරෙයි. ව්‍යාපාරික පසුබිමකින් පැවත එන නදීජ ඡායාරූපකරණය  විනෝදාංශයක් ලෙස සිදු කරයි.

ගත වූ අවිනිශ්චිත කාලවකවානුව තුළ ඔහු විසින් ගන්නා ලද ඡායාරූප 40කට අධික සංඛ්‍යාවක් සමඟින් කාලය, අවකාශය හරහා ඔබව රැගෙන යාමට ඡායාරූප ශිල්පියා අපේක්ෂා කරයි. සෑම ඡායාරූපයකින්ම මිනිසුන් සහ ස්ථාන, නිහඬතාවය හමුවේ දක්වන හැසිරීම් සුන්දර ලෙස ඉදිරිපත් කරයි.  එකල පැවති සංචලන සීමා හමුවේ වූව ද, නදීජ ඔහු වඩාත් කැමැත්ත දරන ඡායාරූපකරණය  අනුගමනය කළ අතර ඔහුගේ හුදකලාව වෙනස්ම ආකාරයකින් භාවිතා කළේය. ගෝලීය වසංගතයක් පුද්ගලයන්ට, නගරයකට සහ වීදිවල සිටින නිවාස නොමැති මිනිසුන්ට ඇති කරන බලපෑම මෙම ඡායාරූපවලින් දැක්වේ.

ප්‍රදර්ශනය පිළිබඳව එහි සංවිධායක නදීජ වීරරත්න සිය අදහස් දැක්වූයේ මෙසේය.  “මනුෂ්‍යත්වයේ සුන්දරම අංගයක් වන්නේ අසීරුතම කාලවල දී අප, අපට හැකි උපරිමයෙන් ඉදිරියට යාමයි.  කෝවිඩ් – 19 වසංගතය, බොහෝ දෙනා හට  අවිනිශ්චිතභාවයක් ඇති කළා. එසේම මෙය ප්‍රධාන වශයෙන්  අඩු ආදායම්ලාභීන්ට විශාල බලපෑමක් ඇති කළා.  අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට සෑම තරාතිරමකම මිනිසුන් එක් වීමත් සමඟ මනුෂ්‍යත්වයේ උතුම්ම ගුණාංගයන් අපට දැක ගත හැකි වුණා. ”

වයස අවුරුදු 12 දී ඡායාරූපකරණය පිළිබඳ මුල් අත්පොත් තම පියාගෙන්  ලබා ගත් නදීජ හට, වසර ගණනාවක පුහුණුවීමෙන් පසු උසස් තත්වයේ ඡායාරූප නිර්මාණයට හැකියාව ලැබීය. සුප්‍රසිද්ධ ලේඛක කාල් මුලර් හට ඡායාරූප රූගත කිරීමක් සඳහා ආරාධනා කිරීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි. මුල් කාලයේ දී බොහෝ ප්‍රතික්ෂේප කිරීම් තිබියදීත්, ඔහුගේ නොපසුබට උත්සාහය අවසානයේ මුලර්, ඡායාරූප රූගත කිරීමකට එකඟ විය. වඩාත් පැහැදීමට පත් වූ මුලර්, ඔහුගේ එක් පොතක කවරයට එම ඡායාරූපවලින් එකක් ‍යොදා ගනු ලැබීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද “මහනුවර ඇසළ පෙරහැර” ආවරණය වන කෝපි මේස සංස්කරණයක් (Coffee Table edition) ද, ඔහුගේ මුල් කෘතිවල ඇතුළත් වේ. දෙවන එළිසබෙත් රැජින සහ ඉන්දීය අගමැති එච්.ඊ. නරේන්ද්‍ර මෝදි  විසින් මෙම සංස්කරණය පිළිගැනීම සිදු කර ඇත.

රැකියාවට යන අතරතුර සහ තම මිතුරකු සමඟ,  ප්‍රථම කෝවිඩ් වසංගතය උග්‍ර වූ සමයේ මහනුවර නගරයේ සහ ඒ අවට අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය ආහාර සහ සලාක බෙදා හරින අවස්ථාවක දී බොහෝ ඡායාරුප ලබා ගෙන ඇත. ක්‍රියාශීලීත්වය පිරී ඉතිරී යන නගරයක නිශ්ශබ්දතාවය සහ නිස්කලංක බව මෙම කාලය තුළ නිරීක්ෂණ කළ ඔහු එම නිශ්ශබ්දතාවයේ සහ මිනිසුන්ගේ ඡායාරූප කිහිපයක් තෙවනි ඇසට හසු කර ගැනීමට තීරණය කළේය. මෙම ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය කෙරෙනුයේ එම ඡායාරූපයි.

“ඡායාරූපයක් ගැනීම ඔබේ ආත්මයෙන් කොටසක් පරිත්‍යාග කරනවා හා සමානයි. ඔබ, ඔබේ ඇසින් ලෝකය දැකීමට අනෙක් මිනිසුන්ට ඉඩ දීමක් සිදු කරනවා. මෙම රූපවලින් අප දකින්නේ දුක, වේදනාව සහ බලාපොරොත්තු සුන් වීම පමණක් නොව ආදරය, පරිත්‍යාගය සහ දරා ගැනීමේ හැකියාව ද අපි දකිනවා” ලෙසින් නදීජ තව දුරටත් සිය අදහස් දැක්වීය.

ENDS

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *