Velona Protect Viroblock මුඛ ආවරණ වෛරස්වලට එරෙහිව උපරිම ආරක්ෂාව හා සුවපහසුව සලසමින් දැන් වෙළෙඳ පොළේ

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වී තිබේ

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක හා ඇඟළුම් අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Velona, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් ඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වූ සෝදා නැවත භාවිත කළ හැකි Velona Protect Viroblock මුඛ ආවරණ මෑතකදී ‍‍වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. මෙම නවතම මුඛ ආවරණ, පැළඳ සිටින්නන්ගේ සුවපහසුව මෙන්ම අවට සිටින්නන්ගේ උපරිම ආරක්ෂාවද සහතික කරමින් kill-trap-kill තාක්ෂණයෙන් නිමවූ ලේයර ද්විත්වය සමගින් නවතම මෝස්තරයේ නිමාවකින් නිකුත් ව තිබීම විශේෂත්වයකි. වෛරස්වලින් ආරක්ෂා වීම සඳහා මෙම මුඛ ආවරණ නිපදවනු ලබන්නේ HeiQ Viroblock තාක්ෂණයෙන් වන අතර, එමගින් කොවිඩ් 19 රෝගය ඇති කරන SARS-CoV-2 මානව කොරෝනා වෛරසය මෙන්ම අනෙකුත් වෛරස් හා බැක්ටීරියා 99.99% ක්ම අඩු කරන බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

වෙරිටාස් කාර්යාංශය මගින්  කරන ලද පරීක්ෂණ වලට අනුව, Velona Viroblock මුඛ ආවරණ 98.3% ක බැක්ටීරියා පෙරීමේ කාර්යක්ෂමතාවය (BFE) සහතික කරන අතර අනෙකුත් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ, සාමාන්‍ය N95 මුඛ ආවරණයක කෙළ බිඳිති විනිවිද යාමේ ප්‍රතිශතය සියයට 23 කට වැඩි වද්දී, මෙම මුඛ ආවරණයේ Viroblock තාක්ෂණය හේතුවෙන් මගින් එම ප්‍රතිශතය 1 ටත් වඩා අඩු අගයක් ගන්නා බවයි. සාමාන්‍යයෙන් මුඛ ආවරණ සඳහා තිබියු යුතු ආශ්වාස ප්‍රශ්වාස හැකියාව Pa/cm2 = <40  වද්දී, Velona Viroblock මුඛ ආවරණ එම අවශ්‍යතා මට්ටම දෙගුණයකින් ඉක්මවා යමින් <20 Pa/cm2 අගයක් ගෙන තිබේ. ඊට අමතරව, මෙම මුඛ ආවරණය නිපදවීම සඳහා ෆෝමල්ටිහයිඩ් වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය හෝ ශරීර සෞඛ්‍යයට අහිතකර ඊයම්, කැඩ්මියම් වැනි බැර ලෝහ ආදිය අඩංගු කර නොමැති වීමද විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

මෙම මුඛ ආවරණය මගින් වෛරස් විනාශ කිරිමේ කාර්යය, ග්‍රහණය කර ගැනීම, විනාශ කිරීම හා එකී ක්‍රියාවලිය නැවත නැවත සිදු කිරිම යන පියවර තුන යටතේ සිදු කෙරේ. එහි පළමු පියවර ලෙස, Viroblock ප්‍රතිකාරයේ රිදී සංඝටක ප්‍රතිවිරුද්ධ ආරෝපිත වෛරස් ආකර්ෂණය කර ගන්නා අතර, ඒවා සහජ සල්ෆර් සංඝටක සමග ස්ථිරව බැඳ තබයි. දෙවනුව, vesicle තාක්‍ෂණ මගින් මිනිත්තු කිහිපයක් ඇතුළත එහි කොලෙස්ටරෝල් අන්තර්ගතය මගින් වෛරස් පටලය ක්ෂය කිරීමට උපකාරී වන අතර, රීදී සංඝටක මත වෛරසය වේගයෙන් විනාශ කිරීමට ඉඩ සලස්වයි. වෛරස් හා බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් මෙලෙස විනාශ වූ පසු හානිකර නොවන අවශේෂ ඉබේ ඉවත්වී යාම හෝ  සෝදා ඉවත් කිරීම කළ හැකිය. තෙවැනි පියවර වශයෙන් මුඛ ආවරණයේ මතුපිට ක්ෂුද්‍රජීවීන් තැන්පත් වන අවස්ථාවන්හි මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදු වේ.

 “පරිශීලකයින්ගේ උපරිම ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳව අවධානය යොමු කරමින් ඉහළම තාක්‍ෂණයෙන් යුතුව Viroblock මුඛ ආවරණ නිකුත් කිරීමට හැකි වීම ගැන අපි අතිශයින් ආඩම්බරයට පත් වෙනවා. මෙම මුඛ ආවරණ ආරක්ෂාව, තිරසාරභාවය සහ පරිසරය ආදිය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව නැවත නැවතත් පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ වගේම, මෙම මුඛ ආවරණ නියාමන අනුකූලතා ගණනාවක් සහිත නිෂ්පාදනය වන බවත් සඳහන් කළ යුතුයි.” ත්‍රෙඩ්වර්ක්ස් (පුද්) සමාගමේ සභාපති ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා සඳහන් කළේය.

රෙදි භාවිතයෙන් නිර්මාණය කළ සාමාන්‍ය මුඛ ආවරණ පැළඳීම පහසුදායක වුවද, ආශ්වාස ප්‍රශ්වාස වායුව පෙරීමේ හැකියාව පවතින්නේ පහළ මට්ටමක වන අතර, ඉහළ වායු පෙරීමේ හැකියාවක් සහිත N95 වර්ගයේ මුඛ ආවරණ දිගු කාලයක් පැළඳ සිටීම අපහසු වේ. එම කරුණු සලකා බැලීමේදී හොඳම විකල්පය ලෙස Velona Protect Viroblock  හඳුන්වා දිය හැකිය. සාමාන්‍ය මුඛ ආවරණ භාවිතයේදී නැවත නැවත සකස් කිරීමට සිදු වන අතර එමගින් ආවරණයෙහි සක්‍රීය වෛරස බැක්ටීරියා රැඳී තිබුණහොත් එය ශරීරගත වීමටද හැකියාවක් පවතී. නමුත් Velona Protect Viroblock මුඛ ආවරණය මත තැන්පත් වන බැක්ටීරියා විනාශ වීමට පවතින හැකියාව නිසා එය වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ. එමෙන්ම, පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමටත් එම වායුව පෙරීමට පවතින හැකියාවත් නිසා මෙම මුඛ ආවරණය සුවිශේෂී වේ.

Swiss Viroblock ප්‍රති-මයික්‍රොබියල් තාක්‍ෂණය සමග ක්‍රියාකාරී trap & kill ලේයර දෙකක් පවතින Velona Protect මුඛ ආවරණය කණෙහි රඳවා තබා ගැනීමට මෘදු ලූප දෙකක්ද පවතී. සැර සේදුම්කාරක භාවිතා නොකර සීතල ජලය මගින් මුඛ ආවරණය මෘදු ලෙස සේදීමට පරිශීලකයින්ට උපදෙස් දෙනු ලැබේ. මුඛ ආවරණය නිමවා ඇති Viroblock තාක්ෂණය හේතුවෙන් සේදුම් වාර 15 ක් දක්වා නැවත භාවිත කිරීමට හැකි වීමෙන් ආර්ථික වශයෙන් ද මහඟු ඵල ප්‍රයෝජනවත් බවක් මෙමගින් අත් කර ගත හැකිය.  

Viroblock මුඛ ආවරණ සම්බන්ධ නියාමන අනුමැතිය EU BPR සහ EU REACH යටතේද, ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය US TSCA හා US EPA යටතේද ලියාපදිංචි වී ඇත. Viroblock මුඛ ආවරණ සඳහා OEKOTEX®, ZDHC හා bluesign®හි පිළිගැනීම හිමි වී ඇති අතර, INCI රූපලාවණ්‍ය ශ්‍රේණියේද සහතික කර ඇත.

Velona Viroblock මුඛ ආවරණය මුළුමනින්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන අතර, ඊට යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යයක්ම හිතකර, ජෛව පදනම සහිතව ප්‍රතිචක්‍රීකෘත අමුද්‍රව්‍ය හේතුවෙන් භාවිතයට ඉතා සුදුසු බවට පරීක්ෂණ ගණනාවක් මගින්ම සනාථ වී තිබේ.  

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *