vivo වෙතින් පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය ලබාදෙන උසස් සේවාවක් දැන් ශ්‍රී ලංකාව පුරා

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින්  ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාවට උසස් අත්දැකීමක් ලබා දීමේ අරමුණින්  සිය අන්තර්ජාල සේවා පුළුල් කිරීමකට ලක් කොට ඇත. After-sales (අලෙවියෙන් පසු) සේවාවන් හරහා, සමාගමේ නවතම නිෂ්පාදන සහ විශේෂාංග පිළිබඳව දේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් තොරතුරු සැපයීමේ අරමුණින් vivo මෙම මුලපිරීම ආරම්භ කොට ඇත. සිය පාරිභෝගිකයන්ට හොඳම තේරීම් සිදු කිරීමට අවශ්‍ය දැනුම සැපයීමද මෙමගින් සිදු කෙරේ. vivo Support භාවිතා කරමින්, පාරිභෝගිකයින්ට දැන් ක්ෂණිකව කිසිදු කරදරයකින් තොරව සමාගමේ After-sales කණ්ඩායම සමඟ සෘජුවම සම්බන්ධ විය හැකිය. මීට අමතරව, පාරිභෝගිකයින්ට vivo Support වෙබ් අඩවියට පිවිසීමෙන් අනෙකුත් උපාංග සහ අමතර කොටස් සඳහා ලබා දී ඇති වට්ටම් සහ යාවත්කාලීන මිල ගණන් පරීක්ෂා කළ හැකි අතර සේවා සම්බන්ධ ගැටළු වලට අවශ්‍ය විමසුම් කෙටි කාලයකින් ලබා ගත හැක.

තාරුණ්‍යය ඉලක්ක කරගත් සන්නාමයක් ලෙස, vivo සිය විශේෂ Service Days හරහා පාරිභෝගික තෘප්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ස්මාර්ට්ෆෝන් භාවිතයේ සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට සහාය වීමට උත්සාහ කරයි. මෙම දිනයන් හිදී පාරිභෝගිකයින්ට බලයලත් vivo සේවා මධ්‍යස්ථාන දෙකකින් vivo සේවාවන් නොමිලේ ලබා ගත හැකිය. මෙම සේවාවන්ට නොමිලේ ආරක්ෂිත ආවරණ ඇලවීම, නොමිලේ ස්මාර්ට්ෆෝන් සේවා සහ පිරිසිදු කිරීම, ෆ්ලෑෂ් අලුත්වැඩියාව සහ නොමිලේ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ඇතුළත් වේ. මීට අමතරව adapters, data/USB cables සහ headphones වට්ටම් සහිත මිලකට මිලදී ගැනීමට ද අවස්ථාවක් ලබා දෙයි.

සෑම ව්‍යාපාරයකම විශාලතම වත්කම පාරිභෝගිකයින් වන අතර vivo Sri Lanka විසින් පාරිභෝගික තෘප්තිය අඛණ්ඩව සහතික කිරීමට අවශ්‍ය සියලු පියවරයන් ගනිමින් සිටී. පාරිභෝගික තෘප්තිය පවත්වා ගැනීම ඉතා වැදගත් වන බව සන්නාමය විශ්වාස කරන අතර, විශ්වාසවන්ත පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම පමණක් නොව, නව පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම ද ඉතා වැදගත් වේ. එබැවින්, දේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ වුවමනා අවබෝධ කර ගනිමින් vivo විසින් සිය After-sale සේවාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් පවතී.

vivo Sri Lanka හි අධ්‍යක්ෂ ඇලිසන් ජින් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය, “vivo අපි පාරිභෝගික කේන්ද්‍රීය සහ වගකීම් සහිත සන්නාමයක් ලෙස අපගේ ආදරණීය පරිශීලකයින්ට කිසිදු කරදරයකින් තොර මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීමට සහ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ පහසුව සහතික කිරීමට නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයින් පසුගිය කාලය තුළ මෙම  මුලපිරීම් සඳහා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, ශ්‍රී ලංකාව තුල vivo ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා ධනාත්මක අත්දැකීමක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ සේවාවන් හැකි ඉක්මනින් පාරිභෝගිකයින්ට ලබා දීම සහ ඔවුන්ගේ ගැටළු  ඉක්මනින් විසඳීමට අපි කටයුතු කරනවා. ඉදිරියටත්  vivo අපි අපගේ පාරිභෝගිකයින්ට කාර්යක්‍ෂම සහ  හොඳම අත්දැකීම් ලබා දීමට සැදී පැහැදී සිටිනවා”

vivo සිය කොළඹ සහ ගාල්ල ප්‍රදේශයන්හි පිහිටි සුවිශේෂී ශාඛා දෙක හරහා තම පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් දිවයිනේ පාරිභෝගික සම්බන්ධතාව උපායශීලීව ශක්තිමත් කර ඇත. භූගෝලීය සීමාවන් වලින් ඔබ්බට යමින්, vivo විසින් නවීනතම පහසුකම් සහ උපකරණ පාරිභෝගිකයන් වෙත  බාධාවකින් තොරව ලබා දීමට සහ කාර්යක්‍ෂම After-sales සේවා අත්දැකීමක් සහතික කිරීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටී.

පාරිභෝගිකයාට ඔවුන්ගේ විමසුම් සහ අවශ්‍යතා ඉදිරිපත් කිරීමට Live Chat සේවාවක් සක්‍රිය කර ඇත. 011 20 29 184 අංකයට ක්ෂණික ඇමතුමක් ලබා දීම සහ Facebook සහ email මගින් මෙම සේවා ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විමසුම් සඳහා තත්පර කිහිපයක් ඇතුළත ක්ෂණික ඇමතුම් මගින්, Facebook සහ පැය 24 තුළ [email protected] හරහා ප්‍රතිචාර දක්වනු ලැබේ. මෙම අංකය වෙළඳ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා, සෙනසුරාදා පෙ.ව. 9 සිට පස්වරු 2 දක්වා ක්‍රියාත්මක වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *