DIMO සහ Allianz එක්ව TATA පාරිභෝගිකයන් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, දැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්ව DIMO හි TATA ගණුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලුත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු මුදල ගෙවීමෙන් නිදහස් කිරීම මඟින් අගනා ප්‍රතිලාභයක් මෙම නව රක්ෂණාවරණය හරහා පාරිභෝගිකයා හට ලබා දෙනු ලැබේ. තව ද මෙම රක්ෂණ ක්‍රමවේදය හරහා DIMO හි සියලුම TATA ගනුදෙණුකරුවන්ට සිය රක්ෂණ වාරික අලුත් කිරීමේදී විශේෂ ගෙවීම් අනුපාතිකයන් ලබාදීමද සිදුවනු ඇත.  කිසියම් හෝ අනතුරකින් පසු වාහනය ළඟම ඇති DIMO හි TATA වැඩපොළ වෙත රැගෙන යාම, වඩා වේගවත් ඇස්තමේන්තු අනුමත කිරීමේ ක්‍රියාවලීන්, නිෂ්පාදකයාගේ නිර්දේශයන් ට අනුකූලව අලුත්වැඩියා කටයුතු සිදුකිරීම, අලුත්වැඩියා බිල්පත් ගෙවීම් හා තිබූ පරිදිම වාහනය නැවතත් අයිතිකරු වෙත භාරදීම දක්වා වන සියලු කාර්යයන් සම්බන්ධීකරණය කරමින් TATA පාරිභෝගිකයන්  වෙත සුවපහසුව සැපයීම මෙමඟින් සිදුවේ.

DIMO හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කර සිටියේ, “මෙම හවුල මඟින් අප ගනුදෙණුකරුවන් වෙත තවදුරටත් මනා සේවාවක් සැපයීමට අපට හැකිවෙනවා. සමාගමක් වශයෙන් අප සේවා දායකයන්ගේ සිහින සහ අභිලාශයන් බලගැන්වීම උදෙසා අප නිතරම කටයුතු කරන අතර, මෙවැනි කාලසීමාවක Allianz හා එක් ව මෙවැනි රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳව මා සතුටු වෙනවා” යනුවෙනි.

“මෙවැනි සුවිශේෂී සේවාවක් DIMO හා එක්ව හඳුන්වා දෙන්න ලැබීම ගැන මා සතුටු වනවා සේම මේ හරහා අදාල වාහනය කිසිම අපහසුතාවයකින් තොරව අලුත්වැඩියාව හා යථා තත්ත්වයට පත්වීම සිදුකළ හැකියි. DIMO යනු, මනා පුහුණුවක් සහිත කාර්මික ශිල්පීන් හා උසස් තත්ත්වයේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් රථවාහන අනතුරු අලුත්වැඩියා සේවාව වෙනුවෙන් පූර්ණ විසඳුම් ලබාදීමේ කාර්යය උදෙසා නම් දරා තිබෙන ආයතනයක්. අපගේ අසමසම රථවාහන රක්ෂණාවරණ ප්‍රතිලාභ DIMO ගනුදෙණුකරුවන් හට ලබා දෙමින් මෙම විශේෂ පැකේජය හරහා වඩාත් සුමට වූ සේවා අත්දැකීමක් ඔවුන් වෙත ලබාදෙන්න අපට පුලුවන්” යනුවෙන් Allianz Insurance Lanka (Ltd.) හි ප්‍රධාන විධායක නිළධාරී, ගානි සුබ්‍රමනියම් මහතා සිය අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාවේ එකම TATA බලයලත් බෙදාහැරීම් නියෝජිතයා ලෙස දේශීය ගනුදෙණුකරුවන් වෙත උසස් තත්වයේ TATA වාණිජමය රථ පෙළක් DIMO විසින් වෙළඳපොලට ඉදිරිපත් කර ඇත. දශක 8ක විශ්වාසය දිනූ DIMO හි අසමසම අලෙවියෙන් පසු සේවාව මෙන්ම සියලුම අලුත්වැඩියා කටයුතු නිපුණත්වයෙන් යුතු කාර්මික ශිල්පීන් මඟින් නියම TATA අමතර කොටස් හා විශේෂ උපාංග භාවිතයෙන් සිදු වීම විශේෂ කරුණකි.

TATA සේවාදායකයන්ට පමණක් පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාවට අමතරව වඩාත් පහසු හා කාර්යක්ෂම අලෙවියෙන් පසු සේවාවක් සපයනු වස්, DIMO, ශාඛා 16ක් හා නියෝජිතයන් 500 ඉක්මවූ සේවා ජාලයක් තුලින් මුලු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

ලොව පුරා රටවල් 70කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක Allianz සමූහය පෞද්ගලික හා ආයතනික සේවාදායකයින් මිලියන 126කට අධික පිරිසක් වෙනුවෙන් රක්ෂණ හා වත්කම් කළමණාකරණ සේවා සපයනු ලබයි. දේපල, ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සේවාවන්ගේ සිට උපකාරක සේවා, ණය රක්ෂණය සහ ගෝලීය ව්‍යාපාර රක්ෂණය යන පුළුල් සේවා ජාලයක් මඟින් Allianz සිය සේවා දායකයින්ට ප්‍රතිලාභ ලබාදීම සිදු කරයි. සිය සේවාදායකයින් වෙනුවෙන් යුරෝ බිලියන 809ක පමණ ආයෝජන ප්‍රමාණයක් කළමනාකරණය කරමින් Allianz ලොව විශාලතම ආයෝජකයන් අතරට ද එක්ව ඇත. තව ද සමාගමේ වත්කම් කළමණාකරුවන් වන PIMCO හා Allianz Global Investors (Allianz GI) මඟින් යුරෝ ට්‍රිලියන 1.9කට අධික තෙවන පාර්ශවයීය වත්කම් කළමනාකරණය කරනු ලබයි.

Allianz Lanka ලෙස හඳුන්වනු ලබන Allianz Insurance Lanka Ltd. හා Allianz Life Insurance Lanka Ltd. යන අංශ සියල්ල Allianz SE හි අනුබද්ධිත සමාගම් වන අතර මෙමඟින් ගෝලීය මූල්‍ය සේවා සැපයුම්කරණයේ නියැලෙමින්, ප්‍රධාන වශයෙන් ම රක්ෂණ හා වත්කම් කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන ශාඛාව ජර්මනියේ මියුනික් හි පිහිටා ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *