ස්වදේශී නිෂ්පාදන – ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි සබන් , එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට පාත්‍ර වෙයි

වසර 80 ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ශාකසාර සත්කාරක නිෂ්පාදන සහ අලෙවි ආයතනය වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය වැඩිහිටි සහ ළදරු සබන් නිෂ්පාදන මෙන්ම එහි බොඩි වොෂ් සහ ෂවර් ජෙල් නිෂ්පාදන කාණ්ඩය එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ සහතිකකරණය ලබා ගන්නා ලදි. ඒ අනුව සමාගමේ නිෂ්පාදන රැසකට එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ 100% නිර්මාංශ අනුමැතිය නිල වශයෙන් ලබාගෙන ඇති බව සතුටින් සඳහන් කිරීමට කැමැත්තෙමු.
පහත සදහන් නිෂ්පාදනයන්හී  එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ අනුමැතිය ලද වෙළෙද ලකුණ සදහන් කර ඇත. ස්වදේශී කොහොඹ හර්බල්, ස්වදේශී කොහොඹ ක්ලියර්, ස්වදේශී කොහොඹ බොඩි වොෂ් නිෂ්පාදන, රාණි සඳුන්, රාණි ජෙල් බාර්, රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන සහ ස්වදේශී කොහොඹ බෙබි සබන්. එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමය, පුද්ගලයින්ට නිර්මාංශ වීමට උනන්දු කරමින් ඒ සදහා සහාය වන අතර ඔවුන්ගේ නිර්මාංශ වෙළෙද ලකුණ සහිත නිෂ්පාදිත 100% නිර්මාංශ බව තහවුරු කරයි. නිර්මාංශ සංගමයේ විශේෂඥයින් විසින් ස්වාධීනව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රම දැඩි නිර්ණායකයන් යටතේ පරික්ෂාවට ලක් කොට මෙම සහතිකකරණය සිදු කරයි.
එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ අනුමත වෙළෙද ලකුණ නිෂ්පාදන මත ප්‍රදර්ශනය කිරීම සදහා පහත සදහන් දැඩි නිර්ණායකයන් සපුරාලිය යුතුය: නිෂ්පාදනය සදහා කිසිදු සත්ව පරීක්ෂණයක් සිදු නොකළ බව තහවුරු කිරීම, සත්ව ඝාතනයෙන් ලබා ගන්නා සංඝටකයන්ගෙන් තොර බව, GMO රහිත බව සහ නිෂ්පාදනයේ දී කිසිදු ආකාරයක දූෂණයක් සිදු නොවී ඇති බව. මෙම නිර්ණායකයන් සපුරාලන නිෂ්පාදනයන්, 100% නිර්මාංශ සහ කුරිරු බවින් තොර බව සහතික කිරීම සදහා මෙම ගෞරවාන්විත නිර්මාංශ සංගමයේ පිළිගැනීමට ලත් වෙළෙද ලකුණ එම නිෂ්පාදනවල ප්‍රදර්ශනය කිරීම සදහා අවසර ලබා දෙයි.

මෙම සහතිකකරණය පිළිබදව අදහස් දක්වමින්, ස්වදේශී කර්මාන්තායතනයෙහි නියෝජ්‍ය සභාපතිනී /කළමනාකරණ අධ්‍යක්ෂිකා ,චූලෝධරා සමරසිංහ මහත්මිය මෙසේ පවසන ලදි. “මෙම ගෞරවාන්විත නිර්මාංශ සංගමයේ සහතිකකරණය ස්වදේශී නිෂ්පාදන සදහා ලබා ගැනීමට හැකි වීම පිළිබදව අපි ඉතාමත් සතුටු වන්නෙමු. පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන ආයතනයක් ලෙස අපි නිරතුරුවම සමාජයට සහ පුද්ගලයින්ට හිතකරලෙස ක්‍රියා කරන්නෙමු. අපගේ සියළුම සම ආරක්ෂණ සහ පිරිසිදු කිරීමේ නිෂ්පාදන සදාචාරත්මක ලෙස නිෂ්පාදනය කර ඇති අතර සත්ව හානියෙන් තොර අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිතයි. අපි සතුන් යොදාගෙන පරීක්ෂණ සිදු නොකරන අතර එවැනි කිසිදු අමුද්‍රව්‍යයක් භාවිත නොකරයි. සත්ව සංඝටකයන්ගෙන් තොර අමුද්‍රව්‍ය සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උදව් වන අතර ශාකසාර අමුද්‍රව්‍ය සම මෘදු කරමින් සමට හොදින් අවශෝෂණය වන බැවින් සමේ ආරක්ෂාව සදහා ඉතාමත් වැදගත් වේ. ජාත්‍යන්තරව පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් සදාචාරත්මක මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් පරිසර සහ සත්ව හිතකාමී නිෂ්පාදන කෙරෙහි නැඹුරු වෙමින් පවතින අතර මෙම සහතිකකරණය සමග ශ්‍රී ලාංකිකයන් ද මෙම ගමනේ කොටස්කරුවෙකු බවට පත් කර ගනිමින් පරිසර හිතකාමී සහ දයානුකම්පිත ජීවන රටාවකට හුරු කරවයි.”
එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමය පිළිබදව අදහස් දක්වමින් නිර්මාංශ සංගමයේ ව්‍යාපාර සහ ආහාරපාන සේවා ප්‍රධානී වැනේසා බ්‍රවුන් මෙසේ ප්‍රකාශ කරන ලදි. “නිර්මාංශ නිෂ්පාදන සදහා සෑම තැනම ඉල්ලුම වර්ධනය වෙමින් පවතින අවදියක ස්වදේශී කර්මාන්තයතනය සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සදහා ඉදිරිපත් වීම ඉතාමත් අගනේ ය. නිර්මාංශ සංගමයේ අනුමැතිය ලත් නිර්මාංශ වෙළෙද ලකුණ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙම නිෂ්පාදන සැබෑ නිර්මාංශ නිෂ්පාදන බවට සහතිකයක් ස්වදේශී කර්මාන්තායතනය සිය පාරිභෝගිකයන්ට ලබා දේ.”

ස්වදේශී කර්මාන්තායතනය පිළිබදව
සැබෑ ලාංකේය නිෂ්පාදන යන අරුත ඇතිව ස්වදේශී නමින් 1941 සිට ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා ගත් ස්වදේශී කර්මාන්තායතනයහී කොළ පැහැති ලාංජනය දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට ඉතාමත් හුරුපුරුදු ලකුණකි. වසර 80ක පාරිභෝගික විශ්වාසය දිනා ගත් නිෂ්පාදන දෙකක් වන රාණි සහ කොහොඹ සමගින් නිෂ්පාදන රැසක් සමාගම හදුන්වා දී ඇති අතර මෙම සියළුම නිෂ්පාදන සෞඛ්‍යය සම්පන්න මෙන්ම ස්වාභාවිකව සම ‍රැක ගනිමින්  පෝෂණය කරන ගුණාංගයන්ගෙන් යුක්ත ය. ස්වදේශී නිෂ්පාදන මෙරටට ආවේණික කොහොඹ සහ සඳුන් වැනි ඖෂධීය සහ ශාකසාර අමුද්‍රව්‍යයන් මූලික වශයෙන් යොදා ගනිමින් නිෂ්පාදනය කරයි. ආයුර්වේදයේ දී කොහොඹ ස්වාභාවිකව විෂබීජ වලින් ආරක්ෂා කරන ශාකසාරයක් ලෙස යොදා ගන්නා අතර සඳුන් සිසිල්, දීප්තිමත් සමක් සදහා භාවිත කරන අතර එය ඉතාමත් මන බදින සුවදකින් යුක්ත ය. ස්වදේශී පුද්ගලික සත්කාරක නිෂ්පාදන සබන්, බොඩිවොෂ්, ෂැම්පු, කොලෝන් සහ ක්‍රීම්වලින් (වැඩිහිටියන් සහ ළදරුවන් සදහා)  යුක්ත අතර නිර්මාංශ, ඉතාමත් උසස් මට්ටමේ ශාකසාර අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් සත්ව හිංසනයෙන් තොරව නිෂ්පාදනය කරන අතර දැන් එය තහුවරු කිරීම සදහා ජාත්‍යන්තරව පිළිගැනීමක් ලබා ගෙන ඇත.

-ENDS-

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *