ධනමග – මූල්‍ය අධ්‍යාපනය ක්ලික් එකක දුරින්

Asia Securities, ශ්‍රී ලංකාවේ මුල්‍ය අධ්‍යාපනය සවිමත් කරමින් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙහිලා නොමිලයේ ත්‍රෛභාෂා කෙටි වීඩියෝපට දියත් කරයි.

Meya ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් සිදු කරන ප්‍රථම පුළුල් මුල පිරීමකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන Asia Securities විසින්, ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ මූල්‍ය අනාගතය පාලනය කර ගැනීමේ අරමුණින් ධනමග (DhanaMaga / தன மார்க்கம்) ත්‍රෛභාෂා මූල්‍ය සාක්‍ෂරතා වැඩසටහන දියත් කරන ලදි.

ධනමග මුලපිරීමෙහි වෙබ් අඩවිය සහ ජංගම යෙදුම 2022 පෙබරවාරි 21 දින​ නිල වශයෙන් දියත් කරන ලදී. කුඩා ව්‍යාපාර සඳහා මූල්‍යකරණය සහ පුද්ගලික මූල්‍ය සැලසුම් ගොඩනැගීම, සමාගම් මූල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම සහ සුදුසු ආයෝජන විකල්ප තෝරා ගැනීමේ පටන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ  මුදල් හා සම්බන්ධ ගැටලුවලට පිළිතුරු සැපයීම Asia Securities හි මෙම ධනමග මුලපිරීමේ අරමුණයි.

මූල්‍ය ස්ථායීතාව වර්ධනය කිරීමේදී මුල්‍ය අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව Asia Securities හි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා සිය අදහස් දැක්වූයේ, “Asia Securities හි අපි, ව්‍යාපාර හිමිකරුවන් සහ තනි ආයෝජකයින් සමඟ නිතරම සාකච්ඡාවේ යෙදෙනවා. එබැවින්, ආර්ථිකයට සක්‍රීයව සහභාගී වීමට සහ ඔවුන්ගේ පුද්ගලික මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමට ඔවුනට හැකියාව ලබා දීම සඳහා මූල්‍ය කුසලතා කෙතරම් තීරණාත්මක ද යන්න අපි මුලුමණින්ම අවබෝධ කරගෙන ඇත.  ධනමග, මූල්‍ය සාක්ෂ‍රතා වැඩපිළිවෙල තුලින් ශ්‍රී ලාංකාවේ, ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ පවුල සහ අනාගත අවශ්‍යතා වෙනුවෙන් නැණවත්ව මුදල් ආයෝජනය සැලසුම් කිරීමටද​, කුඩා ව්‍යාපාරිකයින්ට දැරිය හැකි අවදානම කල හැකි ආයෝජන සහ මූල්‍ය පාලනයටද අවශ්‍ය නිවැරදි මූල්‍ය  සම්පත් පිළිබද දැනුම ලබදීම මෙහි මූලික අරමුණයි. අපේ රටේ පුරවැසියන්ගේ සෞභාග්‍යයේ අරමුණට සහය වන  ශක්තිමත් පදනමක් ගොඩ නැගීම සඳහා මෙම මුලපිරීම  මෙහෙයවීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා ” යනුවෙනි.  

ධනමග, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි ආකර්ෂණීය වීඩියෝ පට 100+ක් පිරිනමන අතර ඒවා ඕනෑම වයසකට, ඕනෑම දැනුම් මට්ටමක අයෙකුට පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි ලෙස නිර්මාණය කර ඇත. www.dhanamaga.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ DhanaMaga ජංගම යෙදුම / ජංගම ඇප් එක හරහා මෙම වීඩීයෝපට සම්පූර්ණයෙන්ම නොමිලයේ නැරඹිය හැකිය.

ස්වයං – අධ්‍යක්ෂණය කරන ලද මෙම වීඩියෝපට ඕනෑම වේලාවක, ඕනෑම තැනක තමන්ට ආවේණික වේගයකින් ඉගෙන ගැනීමට නරඹන්නන්ට ඉඩ සලසයි. මුල්‍ය නියාමනය සහ අධ්‍යාපනය පිළිබඳ වසර 70+ කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීණ දේශීය විශේෂඥයින්ගෙන් සමන්විත ස්වාධීන විෂයමාලා කමිටුවක් විසින්, ධනමග වීඩියෝපටවල අන්තර්ගතයේ යෝග්‍යතාවය සහ නිරවද්‍යතාවය සමාලෝචනය කර ඇත.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ සඳහා එක් වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා “Asia Securities ආයෝජන සහ මූල්‍ය කළමනාකරණයට සියලු ශ්‍රී ලාංකිකයින්ට සමාන අවස්ථාවක් ලබා දීම සඳහා දැනුම ලබා දීමේ ත්‍රෛභාෂා වැඩසටහනක් හඳුන්වා දීමට දූරදර්ශීව අරගෙන ඇති මෙම පියවර ඉතා වැදගත් සහ අනගි කර්තව්‍යකි” යනුවෙන් අදහස් දැක්විය.

ශ්‍රී ලංකාවේ 92% ක සාක්ෂරතා අනුපාතයක් ඇති අතර රටේ මූල්‍ය සාක්ෂරතා අනුපාතය 35% කි.  මෙය සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් 65% ට සාපේක්ෂ අගයක් ගනියි (S&P Global FinLit Survey). ශ්‍රී ලාංකිකයන්ගෙන් 74% ක් විධිමත් මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කර ඇත. මූල්‍ය සාක්ෂරතා මට්ටම අඩු වීමට මූලික හේතුන් වන්නේ මූල්‍ය අධ්‍යාපනයේ  ඌණතාවය සහ මූල්‍ය ප්‍රවේශය අඩු වීමයි.

හිටපු  ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන  මෙම වැඩසටහන හා එක් වෙමින් අදහස් දක්වා සිටියේ “සෑම තරාතිරමකම සිටින ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට ප්‍රතිලාභ සැලසීමේ හැකියාව ඇති ධනමග මුලපිරීම දියත් කිරීම සඳහා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මට ආරාධනා කිරීම ගැන මම Asia Securities ආයතනය වෙත ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්‍ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ දැක්ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන කණ්ඩායමට මම සුබ පතමි.” යනුවෙනි.

මෙම වැඩසටහනේ විශේෂ අවස්ථාවක් නම්, සාක්ෂරතාවය සහ අධ්‍යාපනයේ දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කෙරෙහි අවධානය යොමු කරමින් අඩු ආදායම් ලාභී ප්‍රජාවන්හි දරුවන්ගේ ජීවිතය යහපත් අතට පරිවර්තනය කිරීමට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ  ලාභ නොලබන ගෝලීය ක්‍රියාකාරී ආයතනයක් වන Room to Read, ධනමග මුලපිරීමේ පළමු හවුල්කාරිත්වය ඇති කර ගැනීමයි. DhanaMaga සමඟ ඇති හවුල්කාරිත්වය සමඟින් එහි බාලිකා අධ්‍යාපන වැඩසටහනට සහභාගි වන මිලියනයකට අධික​ පිරිසකට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැදගත් විෂය මාලාවක් සැපයීමට Room to Read  සැලසුම් කරයි.

Room to Read  ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂිකා ෂෙවන්ති ජයසූරිය මහත්මිය අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට සම්බන්ධ වෙමින්, “Asia Securities සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. තාරුණ්‍යයට සහ ජාතියට ද ප්‍රතිලාභ සලසන තවත් ව්‍යාපෘති සිදු කිරීමට මූලික පදනම ධනමග මුලපිරීම විසින් ගොඩ නගා ඇති අතර​, මෙම ව්‍යාපෘතිය සහ වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් අනාගතයේ දී ධනමග සමඟ කටයුතු කිරීමට අපි  අපේක්ෂා කරනවා” යනුවෙන් අදහස් දැක්වූවාය. 

බොහෝ ශ්‍රී ලාංකිකයන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වුවත්, ඇතැම් විට ප්‍රධාන මුල්‍ය මූලධර්ම පිළිබඳ මූලික අධ්‍යාපනයක් ඔවුනට නොමැත. මෙම තත්වය ඔවුන්ව, ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ ලබා ගැනීමෙන් වළක්වනවා පමණක් නොව, ඔවුන්ව ණය සහ දරිද්‍රතාවයේ සිර කර තබන දුර්වල මූල්‍ය තීරණ ගැනීමේ අවධානමට ද ලක් කරයි. මෙම ගැටලුව විසඳීම සඳහා පොදු අංශයට වගකීමක් ඇති නමුත්, ජාතික අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පුද්ගලික අංශය ද සිය කාර්යභාරය ඉටු කළ යුතු බව Asia Securities විශ්වාස කරයි.

ධනමග යනු Asia Securities (Pvt) Ltd විසින් බල ගැන්වෙන මූල්‍ය සාක්ෂරතා මුලපිරීමකි.  සරල, අධ්‍යාපනික වීඩියෝ මාලා 100+ නැරඹීමට www.dhanamaga.lk වෙත පිවිසෙන්න, නැත්නම් ධනමග ජංගම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

Asia Securities පිළිබඳව

Asia Securities යනු දේශීය හා ජාත්‍යන්තර ආයතනික, ආයතනික සහ පුද්ගල ගනුදෙනුකරුවන්ට ආයෝජන බැංකු, පර්යේෂණ, කොටස් සහ මුදල් කළමනාකරණ සේවා සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමාගමකි. Asia Securities හි මූල්‍ය සාක්ෂරතා මුලපිරීම, DhanaMaga, ස්වාධීන සහ හොඳින් දැනුවත්ව මූල්‍ය තීරණ ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම අරමුණු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *