ඉපැරණි දේශීය ජීවන රටාව අගයමින් ස්වදේශී කොහොඹ “මාණික්කාවත” ටෙලිනාට්‍යය සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි.

සාහිත්‍ය කෘතියක් වන  “මාණික්කාවත” ග්‍රන්ථය පාදක කර ගනිමින් සකස් කරන ලද තිර රචනයක් ඇසුරින් 1880 සිට 1980 දක්වා වූ සියවස සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කරමින් එම කාල වකවානුවේ භූමිය ප්‍රමුඛ ස්වභාවික සම්පත්හි අගය, ස්වභාවික පරිසරයේ වැදගත්කම මෙන්ම එයට සිදු කරන බලපෑම් නිසා සිදු වන හානිකර තත්වයන් පිළිබඳ අවබෝධය, අධිරාජ්‍යවාදය සහ එහි බලපෑම, ඓතිහාසික හා අතීත උරුමයන්,  පවුල කේන්ද්‍ර කර ගත් ලාංකේය සමාජය පිළිබඳ අවබෝධය විවරණය කරන්නා වූ  “මාණික්කාවත”  ප්‍රසාංගික ටෙලි නාට්‍යය සඳහා ස්වදේශී කොහොඹ සිය ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. මෙම ටෙලිනාට්‍ය මඟින් සබරගමු පළාත හා බැඳුණු ජීවන රටාව,  සංස්කෘතිය හා භාෂාව පිළිබඳව මතු පරපුර දැනුම්වත් කිරීමට ද මනා පිටුවහලක් වනු ඇත.

සුදත් රෝහණයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස දිග හැරෙන මෙම මාලා නාටකය ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ගෙන දෙමින් සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

හරසුන් අවරගනයේ ටෙලි වෘතාන්ත නිර්මාණය වන මෙවන් සමයක අධ්‍යාපනික, සංස්කෘතික, දේශපාලනික හා සමාජීය වටිනාකමකින් හෙබි මෙවන් හරවත් නිර්මාණයක් සමාජයට තිළිණ කිරීමට ලැබීම ඉමහත් ආශ්වාදයට කරුණක් බව ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සුදත් රෝහණ මහතා පැවසුවේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනිය අමරි විජයවර්ධන මැතිණිය පැවසුයේ  “මාණික්කාවත” මෙරට ජනතාවට තම දේශීය සංස්කෘතියේ වටිනාකම සහ ආදීනත්වය පෙන්වාදීමට අනගි අවස්ථාවක් බවත්, විසිවන සියවස මුල් භාගයේ ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව අපගේ දූ දරුවන් හට අවබෝධයක් ලබා දීමට ද මෙම නාට්‍ය මාලාව ඉවහල් වන බවත්ය. එමෙන්ම මෙ තුළින් දේශීය සංස්කෘතිය සහ එහි වටිනාකම් පිළිබඳ ජනතාවගේ ආකල්ප දියුණු වනු දැකීම සමාගමේ අපේක්ෂාව බවත් මෙවැනි වටිනාකමක් ඇති ටෙලිනාට්‍යවලට අද අනුග්‍රහය ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් පෙන්වා දෙමින් දේශීයත්වය අගයන දේශීය සමාගමක් ලෙස මෙවන් කාර්යක් සඳහා දායකවීමට ලැබීම ස්වදේශී සමාගමට විශාල ආඩම්බරයක් බවත් එතුමිය අවධාරණය කළාය.

1880 දශකයේ මඩුවන්වෙල දිසාවේගෙන් දඩුවමක් ලෙස පිටුවහල් කරනු ලැබූ කෙටි හාමි හා පිච්චි යන තරුණ යුවල අටකලං කෝරලයේ මහා වනයක ගොවිතැන හා සබැඳි ජීවිකාව අරඹයි. ඔවුන්ගේ පළමු දරුවා කුඩා වියේ පටන්ම දෑස් අඳ බවට පත් වෙයි. යුවල විසින් මහන්සියෙන් ගොඩ නගා ගත් කුඹුරු වලවේ නියෝග මත ජනයාට බෙදා දෙයි. මෙසේ දරුවන් සමඟ මහත් ධෛර්යයෙන් සිය පවුල රැක ගනිමින් යන ඔවුන්ගේ ජීවිතය මෙරට ආර්ථික, සමාජීය, දේශපාලනික හැලහැප්පීම් හමුවේ ගලා යන අයුරු  සම්මානනීය ගත් කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ   මාණික්කාවත ප්‍රබන්ධයෙන් ගෙන හැර දක්වයි. ජගත් චමිල, උමා අසේනි, වොල්ගා කල්පනී, මයුර පෙරේරා, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංග, ඩබ්. ජයසිරි, ප්‍රියංකර රත්නායක, පාලිත සිල්වා ඇතුළු රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් මාණික්කාවත නිර්මාණය කර ඇත.

100%ක් දේශීය සමාගමක් ලෙසින් ස්වදේශී ජාතිය ගොඩ නැගීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව සිදු කරයි.  ස්වදේශී කොහොඹ, ස්වභාව දහම රැක බලා ගැනීමට සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීමට අවධානය යොමු කරමින් තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැපවෙයි.   සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ දිවයිනේ පූජනීය ස්ථානවල වාර්ෂිකව සිදු කරන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” යටතේ කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ දී ස්ථාපිත කරන ලදි.  ස්වදේශී විසින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර  රාණි සඳුන්, ස්වදේශී කොහොඹ, ස්වදේශී  කොහොඹ  බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්,  බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ හෑන්ඩ් වොෂ්, කොහොඹ බොඩි වොෂ්  සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ  පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක්   භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ, ස්වදේශී  කොහොඹ  බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙජිටේරියන් සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී, සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු ශ්‍රී ලාංකේය පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ද ස්වදේශී වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *