ශ්‍රී ලාංකීය තාක්ෂණික සැපයුම්කරුවෙකු වන OKLO විසින් Ceylon Tea විද්‍යුත් වෙන්දේසිය ප්‍රභල ඩිජිටල් වේදිකාවක් බවට පත් කරයි

ශ්‍රී ලංකාවේ තේ වෙන්දේසි ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Colombo Tea Traders Association (CTTA) සිය අන්තර්ජාල වේදිකාව වඩාත් ඒකාබද්ධ වූ අති නවීන විද්‍යුත් වෙන්දේසි වේදිකාවක් දක්වා වැඩිදියුණු කර ඇති අතර ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය  තාක්ෂණික හවුල්කරුවෙකු වන OKLO මේ සඳහා පෙරමුණ ගන්නා ලදී.

OKLO විසින් 2019 දී R&D ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඕනෑම කර්මාන්තයකට සිය සම්ප්‍රදායික වෙන්දේසි කිරීමේ ක්‍රියාවලියෙන් මිදී,වෙන්දේසි කිරීම නවීන මාර්ගගත විද්‍යුත් වෙන්දේසියක්  බවට පරිවර්තනය කිරීම තුලින් සිය පාර්ශවකරුවන්ට කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබා දීමේ අවස්ථාව උදා කරන ලදී. OKLO හට මෙම මාර්ගගත විද්‍යුත් වෙන්දේසි වේදිකාව ඕනෑම කර්මාන්තයකට ගැලපෙන පරිදි වෙනස්කම් වලට ලක් කිරීමට සහ කෙටි කාලයක් තුළ සජීවීව ක්‍රියා කරවීමේ හැකියාව පවතී.

දේශීය හා ජාත්‍යන්තර වෙළෙන්දන් 70 කට වැඩි පිරිසක් CTTA හි ඒකාබද්ධ,ශක්තිමත් සහ අති නවීන e-Auction upgrade ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කෙරූ  අතර  මාස 10 කාලයකින් අනතුරුව ටෙන්ඩරය OKLO වෙත ලබා දෙන ලදී.

OKLO Private Limited හි කළමනාකාර අධ්‍යක්ෂ තිලංක විතානගේ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය “මම විශ්වාස කරනවා OKLO SmartAuction හි සාර්ථකත්වයට හේතු වූයේ OKLO හි සාධනීය සහ ශක්තිමත් ඇල්ගොරිතම සහ තාක්‍ෂණයන් විසින් වෙන්දේසි වේදිකාව සුවිශේෂී අන්දමින් බල ගැන්වීම සහ OKLO හට  පොදු අරමුණක් කරා ක්‍රියා කරන අති දක්‍ෂ කණ්ඩායමක් සිටීම යන කරුණු දෙක වන බව. COVID-19 වසංගත තත්ත්වය හමුවේ මුහුණට මුහුණ හමුවීම් නොමැතිව උවද අපට අවශ්‍ය වුනේ විද්‍යුත් වෙන්දේසියේ පළමු අදියර දෙක උසස් සහ අනිවාර්ය විශේෂාංග සහ කාර්යයන් ඉවත් නොකර, මාස තුනක කාලයක් තුලදී ව්‍යවසාය මට්ටමේ ජාතික විද්‍යුත් වෙන්දේසි වේදිකාවක තත්ත්වයට සරිලන ආකාරයට සකස් කිරීමයි”

“OKLO කණ්ඩායම මෙම ජාතික අභියෝගය භාර ගනිමින් කිසිදු වෙනසක් හෝ කල් දැමීමකින් තොරව මුලින් සැලසුම් කළ පරිදිම CTTA වෙත විසඳුම එළිදැක්වූ අතර SmartAuction හි පළමු ගනුදෙනුවට සහභාගී වූ සමහර පාර්ශ්වකරුවන්ට අනුව, CTTA විසින් සිදු කරන ලද පළමු අලෙවියේදීම වාර්තාගත වෙන්දේසි වේගයක් අත්කර ගෙන තිබුනා”

තිලංක මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. “SmartAuction හි සාර්ථකත්වයට මේ ආකාරයේ ව්‍යවසාය ව්‍යාපෘති කළඹක් හැසිරවීම පිළිබඳව අප සතුව පැවති අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ද හේතු වුනා. OKLO හි අපි සෑම ගැටලුවකටම මෙවලමක් හෝ යෙදුමක් මනසේ තබා ගන්නේ නැහැ. අපගේ නවතම agile භාවිතයන් නිසැකයෙන්ම අපගේ මූලික ශක්තින් වලින් එකක් වන අතර අපි තාක්‍ෂණ හවුල්කරුවෙකු ලෙස අපව දකින අතර අපගේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන ගැටලුවට සවන් දී තේරුම් ගැනීම තුලින්  ඔවුන්ට හොඳම විසදුම සොයා දීමට උත්සහ ගන්නවා. මෙය SmartAuction හි සැකසුමෙන්ද පිලිබිබු වන අතර අපගේ අරමුණ සරල සහ ඵලදායී විසඳුම් සෙවීමයි”.

“මෙම තොරතුරු යුගයේ දී, වඩා හොඳ දත්ත විශ්ලේෂණ මගින් වේගවත් සහ වඩා හොඳ තීරණ ගැනීමකට මග පාදන බව අපි වීශ්වාස කරනවා. එමගින් ආයතනයක කාර්යක්ෂමතාව සහ සඵලතාවය වැඩි දියුණු කරනවා. SmartAuction කියන්නේ  ආරක්‍ෂිත, cloud-hosted විද්‍යුත් වෙන්දේසි වේදිකාවක් වන අතර, ඉහළ මට්ටමේ විගණනය සහ සමස්ත වේදිකාවේ විනිවිදභාවය සහිතව cloud සේවාවන්හි වාසි ලබා ගැනීමට හැකි වන පරිදි එය නිර්මාණය කර තිබෙනවා . අපට, මෙය තවම ආරම්භයක්  පමණයි” තිලංක මහතා එසේ සිය අවසන් අදහස් කිහිපය ඉදිරිපත් කරන ලදී.

තෙවන පාර්ශවීය සහතික කිරීම්

“ගැණුම්කරුවන්, තැරැව්කරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ සංකීර්ණ සහ පරස්පර අවශ්‍යතා අධ්‍යයනය කර ඒවා සපුරාලීමට සහ ගුණාත්මකභාවය මිනුම් දණ්ඩ කර ගනිමින් ඊට සරිලන මිලකට තේ අලෙවිය සිදු කරමින් සාධාරණ තරගයක් පවත්වමින් විද්‍යුත් වෙන්දේසියක් ලබා දීමට OKLO සමත් වූ බව මම සතුටින් පවසන්න කැමැතියි. ව්‍යාපෘතියේ Go-Live දිනය අපට ඉතා වැදගත් වූ අතර අපගේ අවශ්‍යතා ද දැඩි වුනා, නමුත් OKLO නියමිත වේලාවට අපට සියල්ල ලබා දුන්නා” 

                                – හුසේෆා අක්බර්අල්ලී, Akbar Brothers හි අධ්‍යක්ෂ

“වෙනසක් හෝ වැඩිදියුණු කිරීම් සඳහා ඉල්ලීමක් කරන සෑම අවස්ථාවකම පසු බසින තොරතුරු තාක්ෂණ සමාගම් පවතින ලෝකයක OKLO යනු දුර්ලභ මැණිකක් ලෙස මම හඳුන්වන්න කැමතියි. ඔවුන් සෑම විටම පරිශීලකයාගේ අත්දැකීම් පිළිබඳ හොඳ උනන්දුව ඇතිව, පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා වන සියලුම ඉල්ලීම් පිළිගත්තා. මෙමගින් අති නවීන සහ එක් ආකාරයක පද්ධතියක් එකට එක්ව ලබා දීමට අපට හැකි වුනා.”

                      – ගනේෂ් දේවනායගම්, Eswaran Brothers Exports හි සභාපති

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *