Vivo හි සුවිශේෂීත්වය සහ 2022 ඉදිරි දැක්ම පිළිබඳව Vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා සමඟ කතා බහක්

1.  Vivo   ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුලු වී වසර 4 ක් ගතවී තිබෙනවා, එම කාලය තුල  Vivo   වෙළඳපොළ තුල ස්ථාපිත වුනේ කෙසේද? විදේශීය වෙළඳපොල තුල  Vivo  වර්ධනය වන්නේ කෙසේද?

අපි දකුණු ආසියාවේ අපේ ගමන ඇරඹුවේ 2014 අප්‍රේල් මාසයේදී, ඉන් පසු යුරෝපය, පැසිෆික් ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව සහ අනෙකුත් ප්‍රදේශ කරා වත්‍ාප්ත වී සිටිනවා. දකුණු ආසියාව සහ අග්නි දිග අසියාවේදී සුවිශේෂී ජයග්‍රහණ අත් කරගෙන ඇති අතර අන්තර්ජාතික වෙළඳපොල තුල  Vivo හි පැවැත්මක් ගොඩනැගීම උදෙසා එහි ස්ථාවර සහ තිරසාර සංවර්ධනය විශාල පිටිවහලක් වුනා.
2017 අපගේ  ශ්‍රී ලංකා ආගමනයත් සමඟ අප විසින් රටේ පාරිභෝගිකයන්ගේ අවශන්‍තා හඳුනා ගෑනිමේ අරමුණින් අපගේ සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා. අපි නවෝත්පාදනයන් ගෙන ඒමේ අරමුණ නිසාම නවෝත්පාදනයන්ට යොමු වන්නේ නැහැ, හැමවිටම අපගේ පාරිභෝගිකයන්ගේ අවශන්‍තාවයන්ට ගැලපෙන නිෂ්පාදනයන් ගෙන එම සඳහා නවෝත්පාදනයන් සිදු කරනවා. ්ශ්‍රී ලංකාව තුල පවතින අපගේ නිෂ්පාදනයන් සමඟ අපට විශ්වාසවන්තව  පැවසිය හැකියි, අපගේ නිෂ්පාදන තුල පවතින  නවීන පන්නයේ කැමරා, විශිෂ්ට කාර්ය සාධනය සහ සිත් ඇදගන්න සුලු පෙනුම වඩ වඩාත් වර්ධනය කිරීම උදෙසා නිරන්තරයෙන් ආයෝජනයන් සිදු කරමින් සිටින බව.

2. ඔබ ශ්‍රී ලංකාවේ සිටින ඔබේ පාරිභෝගිකයන්ට අවශන්‍ සේවා සපයන්නේ කෙසේද? සපයන සුවිශේෂී සේවාවන් මොනවාද?

පාරිභෝගිකයින් කේන්ද්‍ර කොටගත්  සන්නාමයක් ලෙෂ  Vivo බාදාවකින් තොර මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීම උදෙසා පාරිභෝගික ආරක්ෂාව සහ පහසුව සහතික කිරීමට  වගකීමෙන් යුතුව ක්‍රියා කරනවා. අප පාරිභෝගිකයින් සතු ගැටලු විසදීම සඳහා ශ්‍රී ලංකාවේ, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල ක්‍රියාකාරී සේවා මධ්‍යස්ථාන දෙකක් පවතිනවා. පසුගිය වසරේදී අපි  vivo Service Day  සංවිධානය කිරීම තුලින් පාරිභෝගික සේවා අත්දැකීම වැඩිදියුණු කිරීමට කටයුතු කල අතර බලයලත්  vivo  සේවා මධ්‍යස්ථානවලදී ස්මාර්ට් ෆෝන් සහ උපාංග සඳහා විශේෂ දීමනා සහ නොමිලේ සේවා ලබා දීම සිදු කෙරුවා. තවද  vivo   ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ත්‍යාග සහ දීමනා ලබා දීම සඳහා අපි දේශීය ඊ-වාණිජ්‍යය වෙබ් අඩවි සමඟ ද හවුල් කාරිත්වයන්ට එලබුනා.

3. පවතින තරඟකාරී  5G  ක්‍රියාවලියට  Vivo  මුහුණ දෙන්නේ කෙසේද?  6G  තාක්ෂණයට යොමු වීම සඳහා දැක්මක් ඔබ සතුව පවතිනවාද?

Vivo   හට  5G  තාක්ෂණය සමඟ පවතින සබඳතාවය පිලිබඳව පොඩි සාරාංශයක් ලබා දෙමින්ම මම කතාව පටන් ගන්නම්.  Vivo  2016 දෙසැම්බර් මාසයේදී බීජිං සහ ෂෙන්සෙන් හරහා විශේෂ  5G  කාර්ය සාධක බලකායන් පිහිටුවීම සිදු කෙරුවා. එහි සන්නිවේදන පර්යේෂණ ආයතනයේ සිටින 100කට වඩා වැඩි ගෝලීය සම්මත විශේෂඥයින් යුත් කාර්ය මණ්ඩලය සමඟින්,  Vivo  දැන්  5G  නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර 3,000කට අධික ප්‍රමාණයකට හිමිකම් කියනවා.  5G  වාණිජ ජාල ක්‍රමක්‍රමයෙන්  ලොව පුරා ව්‍යාප්ත වීමත් සහ ඒ වටා බැදුණු උපාංග අපගේ එදිනෙදා ජිවිතයේ අත්‍යචශ්‍යම අංගයන් බවට පත්වීමත් හේතුවෙන් ජංගම දුරකථන කර්මාන්තයේ ප්‍රධානින් මෙම තාක්ෂණයේ ඊළඟ පරම්පරාව වන  6G  සඳහා යොමු වීමට සැදි පැහැදී සිටිනවා. මෙම උද්යෝගිමත් නව යුගයට ආරම්භයක් ගැනීම වෙනුවෙන් ඩසඩද සන්නිවේදන පර්යේෂණ ආයතනය 2020 අගභාගයේදී  6G තාක්ෂණයේ සුවිශේෂිත්වය විදහා පාමින් මුද්‍රිත වාර්තා දෙකක් නිකුත්කරනු ලැබුවා.

4. ඔබේ අනාගත සැලසුම් මොනවාද? කැපී පෙනෙන සන්නාමයක් ලෙස  Vivo  තව දුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන්නේ කෙසේද?

“going all-in to cultivate the cause”  යන  Vivo හි දැක්ම මත විශ්වාසය තබමින්, අපගේ ඉලක්කගත පරිශීලකයින් තෘප්තිමත් කිරීම තුලින් අපි ඉහළ මට්ටමේ වෙළඳපල තුල කැපී පෙනෙනු ඇති බව මට විශ්වාසයි. එසේ කිරීම සඳහා, වෙළඳ සන්නාමය  සහ නිෂ්පාදනය යන මානයන් දෙකෙහිම පරිශීලකයින් ඉලක්ක කර ගැනීම වැදගත්.

අපගේ නිෂ්පාදන මානය තුළ, අපි පරිශීලකයින්ට සැබවින්ම ඇමතිය හැකි විශිෂ්ට නිෂ්පාදන සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරනවා. සන්නාමය සම්බන්ධයෙන් ගත් කල,  Vivo  හි සන්නාම ප්‍රතිරුපය වර්ධනය කිරීම, පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය වැඩිදියුණු කිරීම උදෙසා අපි ඉලක්කගත පරිශීලකයින් වටා අපගේ සැලසුම් සහ සන්නාම සන්නිවේදනය යොදා ගැනීම සිදු කරනවා.

ඉදිරි වසර පහ හෝ දහය තුළ සන්නාමයක් වශයෙන් කැපී පෙනීම උදෙසා අපි විශාල වශයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අතර එය එක රැයකින් සිදු කළහැක්කක් නොවේ. අපි හැකි සෑම ආකාරයකින්ම පරිශීලකයින් අරමුණුකොටගෙන ක්‍රියා කරන අතර ඒ පිළිබඳව  දිගුකාලීන ඉදිරිදර්ශනයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අපගේ ඉවසීම  සහ අප ගන්නා කුඩා පියවර අවසානයේ අපට  සාර්ථකත්වය කරා යා හැකි  බව අප විශ්වාස කරනවා.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *