සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින් ලෙස කිරුළු පලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 කට අධික පිරිසක් මෑතකදී පැවැත්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්කර්ෂවත් අවස්ථාවේ දී සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා SLIM ආයතනයේ හී යාවජීව (Fellow Life Member of SLIM) සාමාජිකයෙකු වශයෙන් පිදුම් ලැබීය. එලෙසම මේ වන විට සදාහරිත සමාගමේ 100කට ආසන්න සේවක පිරිසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනේ (SLIM) වෘත්තීය සුදුසුකම් ලබා ඇති අතර මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී වෘත්තීය සුදුසුකම් හිමිකර ගත් වැඩිම සේවක පිරිස හිමි සමාගම ලෙසද ඔවුන් කැපී පෙනුණි.

මෙහිදී සදාහරිත කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු ජාතික අලෙවිකරණ කළමනාකරණ ඩිප්ලෝමාව සහ වෘත්තීය අලෙවිකරණ පාඨමාලා සම්පුර්ණ කරමින් සිය වෘත්තීය සුදුසුකම් තවදුරටත් ඉහළ නංවා ගෙන ඇත. සමාගම සිය කාර්යමණ්ඩලයේ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි නිරතුරුවම කැපවී සිටීමින් පුහුණු හා සංවර්ධන අංශය හරහා නිරන්තර පුහුණු සැසි දියත් කරනු ලබයි. සිය කාර්ය මණ්ඩලයේ පුද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතය වඩාත් උසස් තලයකට ගෙන එමෙන් ඔවුන්ගේ ජිවිත මෙන්ම සමාගමේ ශක්තියද ඉහළ නැංවෙන බව සමාගමේ විශ්වාසයයි. 

මෙම උපාධි ප්‍රධානෝත්සවයේදී ජාතියට සහ අලෙවිකරණ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා SLIM ආයතනයෙ හි යාවජීව (Fellow Life Member of SLIM) සාමාජිකයෙකු වශයෙන් පිදුම් ලැබීම සදාහරිත සමාගමට විශාල කීර්තියක් ගෙන දේ. විශේෂයෙන්ම ඒ මහතා SLIM හි සභාපතිවරයෙකු ලෙසත් ආසියා අලෙවිකරණ සම්මේලනයේ මහලේකම් ලෙසත් කටයුතු කර තිබේ.  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති වශයෙන් ඔහුගේ නායකත්වය යටතේ SLIM ආයතනය සඳහා වූ ඉහළම මූල්‍ය කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත්තේ, බදු වර්ධන අනුපාතයට පෙර මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය 117% ක් සහ ආදායම් වර්ධනය 20% ක් ලෙසින් වාර්ථා කරමිණි. එසේම Gold at CA Annual Report Awards / Business Excellence Awards / SAFA Merit Award for Annual Report in India වැනි ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින්ද එතුමා පිදුම් ලබා තිබේ. එසේම එතුමන් යටතේ SLIM ආයතනය ප්‍රථම වරට Great Managers Awards සම්මානය සහ Great Place to Work සම්මානයද හිමිකර ගත්තේය.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා සිය සමාගමේ සේවකයින් වෘත්තීය හැකියාවන් සහ සුදුසුකම් ඉහළ නැංවීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපගේ  විකුණුම් ප්‍රවර්ධන නිලධාරීන්ට පවා ආයතනික ව්‍යුහය තුළ වේගයෙන් ඉදිරියට පැමිණීමේ අවස්තාව හිමි වෙනවා. විශේෂයෙන්ම විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කරන සේවකයින්ට කනිෂ්ඨ විධායක තනතුරු වල සිට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ සාමාන්‍යධිකාරී තනතුරු දක්වා පැමිණීමේ අවස්ථාව තිබෙනවා.  ඒ සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට ඔවුන්ට සහාය වීමට හැකි වීම පිළිබඳව ම බෙහෙවින්ම සතුටට පත් වනවා.”

එලෙසම මේ පිළිබඳව සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා මෙසේ අදහස් පල කළේය.“ අපගේ කාර්ය මණ්ඩලයේ  වෘත්තීය ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය කරුණු වලදී අප සමාගමක් ලෙස අපගේ ප්‍රජාවට අවශ්‍ය සහය ලබා දීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම SLIM ආයතනය සමඟ ඇති අවබෝධතා ගිවිසුමකට අනුව වසර ගණනාවක් පුරා අපගේ කාර්යමණ්ඩලයට SLIM උපාධි පාඨමාලා ඇතුළු විකුණුම් හා අලෙවිකරණ පාඨමාලා ප්‍රධානය කෙරෙනවා. එහිදී පාඨලාවන් සඳහා වන මුළු පිරිවැයම හෝ කොටසක් ආයතනය මගින් පිරිනැමෙනවා. මේ හරහා අපගේ කණ්ඩායමේ ශක්‍යතාවයන් ඉහළ නැංවීමට අපට හැකි වීම පිළිබඳව බෙහෙවින්ම සතුටු වනවා.”

සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙහිදී අදහස් දක්වමින් ” අපගේ කාර්යමණ්ඩලයට සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නාග ගැනීමට ආයතනය ලබාදෙන මෙම සහය ආයතනයේ සාර්ථක ඉදිරි ගමන් මගට විශාල ශක්තියක් බවට පත්වනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම්වලින් ඉහළට ඔසවා තැබීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා” යැයි පැවසිය.

එලෙසම ආයතනයේ සාමාන්‍යධිකාරී පුහුණු හා සංවර්ධන, නිරෝෂන් මානවඩු මහතා ද මෙලෙස අදහස් දැක්විය.” මේවන විට අපගේ කාර්යමණ්ඩලයේ  20කට අධික පිරිසක් SLIM ජාතික ඩිප්ලෝමා හිමිකර ගෙන ඇති අතර 200කට අසන්න පිරිසක් SLIM වෘත්තීය අලෙවිකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා යොමු කරවමින් ඔවුන්ගේ වෘත්තීය ජිවිතයට ආලෝකයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මෙලෙස අපගේ කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ඉදිරියට ගමන් කිරීම අපගේ සියලුම පාර්ශවකරුවන්ට විශාල සහයක් සහ ශක්තියක් බවට පත්වනවා. සමාගමක් ලෙස අප ඒ පිළිබඳව සැබවින්ම සතුටට පත් වනවා.” ​

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *