අමානා තකාෆුල් සාමාන්‍ය රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුවේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි.

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුව සඳහා සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිය කාර්යසාධනය පිළිබඳව නිවේදනය කරමින් සාමාන්‍ය රක්‍ෂණ විකුණුම් කාර්ය සාධනය සඳහා Gross Written Premium (GWP) 27% ක වර්ධනයක් වාර්තා කර ඇති බව දැනුම් දෙයි.

අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රමුඛයින් අතර අමානා තකාෆුල් රක්ෂණය ද සිටින බව ප්‍රකාශ කිරීමට ලැබීම බෙහෙවින්ම සතුටට කරුණක්. එසේම විශාල ආර්ථික අපහසුතා, රක්ෂණ අංශයේ සීමාවන් සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි වසංගතය බලපා ඇති මෙම නව්‍ය තත්ත්වය තුළ බොහෝ පීඩන මධ්‍යයේ මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ප්‍රගතියක්.”

මෙහිදී සමාගම පළමු කාර්තුවේදී සියලුම රක්ෂණ ශ්‍රේණි වල ශක්තිමත් වර්ධනයක් වාර්තා කර තිබේ. එහිදී  මෝටර් නොවන රක්‍ෂණ අංශය 2020 ට සාපේක්ෂව 69% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. අමානා රක්ෂණයේ ගිනි හා ඉංජිනේරු රක්ෂණය කාර්තුවේ දෙවන විශාලතම වර්ධන අංශය වන අතර එය 38% කින් වර්ධනය වී ඇත. ඒ අතර  වෛද්‍ය රක්ෂණය 35% කින් ද මෝටර් රථ රක්ෂණය 19% කින්ද වර්ධනය වී තිබේ. එය ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් සමඟ සැසදීමේදී විශාල වර්ධනයක් ලෙස සටහන් වේ.

පළමු කාර්තුවේ සමාගමේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා මෙසේ පැවසීය. “2021 වසරේදී  අමානා තකාෆුල් රක්ෂණයේ අප අත්දකින මෙම වර්ධනයට පසුගිය වසරේදී  සිදු කරන ලද ප්‍රධාන උපායමාර්ගික වෙනස්කම් සහ නැවුම් චින්තනයක් සමඟ  ක්‍රියාත්මක කල නවීන ක්‍රියාදාමයන් හේතු වී තිබෙනවා. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී රක්ෂණ සමාගම බවට පත්වීම සඳහා අප අඛණ්ඩව අපගේ උපාය මාර්ග වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපගේ සමස්ථ කණ්ඩායමේම අගනා කැපවීම හා ක්‍රියාකාරිත්වය පිළිබඳව හදවතින්ම සතුටට පත්වනවා.”

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි ගමන නව්‍ය හා පාරිභෝගික කේන්ද්‍රීය මාර්ගයක් ගෙන ඇත. 2021 ජනවාරියේදී දියත් කරන ලද සිය නැවුම් නව සන්නාම තේමාව තුළින්, වර්තමාන ආර්ථික තත්ත්වයන් හා සෞඛ්‍ය අභියෝග හමුවේ නොපසුබටව, අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම මෙම සුවිශේෂී ප්‍රතිඵල ලබාගෙන ඇතැයි විශ්වාස කෙරේ.

අමානා තකාෆුල් රක්ෂණ සමාගම පිළිබඳව

මීට වසර  22 කට පෙර අමානා තකාෆුල් රක්ෂණ සමාගම ආරම්භ කෙරුණේ ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් හරහා ජනතාවට සැබෑ මානසික සුවයක් ලබා දීමේ මුලික දැක්ම සහ කැපවීම පෙරදැරිවය. ජනතාවට හිත සුව කැන්ඳන සදාචාරාත්මක භාවිතයන් ඉහළින්ම අගයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ තකාෆුල් රක්ෂණ සමාගම අමානා තකාෆුල් රක්ෂණ සමාගම වේ. අමානා තකාෆුල් රක්ෂණ සමාගම මානවහිතකාමි ආචාරධර්ම තම හදවතට සමීපව තබා ඇති අතර, ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස්වල සමස්ථ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ විසඳුම් මෙන්ම අද්විතීය සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිපත්ති ද ඉදිරිපත් කරයි.

අමානා තකාෆුල් රක්ෂණය එහි ආදර්ශ පාඨය වන “රටේ සැමහට එක ලෙස” තේමාව යටතේ සෑම ශ්‍රී ලාංකිකයෙකු සමාගම බැඳී සිටින අතර පාරිභෝගික කේන්ද්‍රීයතාව, විවෘත මනස, ගුණාත්මකභාවය සඳහා ඇති කැපවීම මෙන්ම  විවිධත්වයේ මූලික සාරධර්ම සමඟ දැඩි ලෙස පෙළ ගැසී කටයුතු කරයි. පාර්ශවකරුවන් සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීමෙන් සහ එකිනෙකා සමඟ සහයෝගීතාවයෙන් යුතුව අද්විතීය රක්ෂණ විසඳුම් සකස් කිරීමෙන් ද අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සුවිශේශිභාවය රැක ගනිමින් ශක්තිමත් මෙහෙවරක් ඉටු කරනු ලබයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *