ඉදිරි වසර පහ තුළ දකුණු ආසියාව තුළ ඩිජිටල් කුසලතා සංවර්ධනය උදෙසා Huawei පෙරමුණ ගනියි

පසුගියදා අවසන් වූ Huawei හි ඩිජිටල් කුසලතා කලාපීය සමුළුවේදී සමාගම පවසා සිටියේ, ඉදිරි වසර පහක කාලය තුළ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල ඩිජිටල් කුසලතා 100,000ක් වර්ධනය කිරීම උදෙසා එම රටවල රජයන්, විශ්ව විද්‍යාල සහ කාර්මික මට්ටමේ හවුල්කරුවන් සමඟ එකට එක්ව ක්‍රියා කරන බවයි. 

“Cultivating a Talent Ecosystem for Inclusive Digital Prosperity” යන තේමාව යටතේ අවසන් වූ මෙම සමුළුව, රටවල් ත්‍රිත්වයක ඇමතිවරුන් සහ විද්වතුන්, UNESCO සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ ප්‍රවීණයන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර,  එහිදී එම රටවල පවතින ඩිජිටල් කුසලතා හා සම්බන්ධ ගැටළු හා විවිධ පරතරයන් අවම කිරීම සඳහා සාර්ථක විසඳුම් පිළිබඳ සාකච්ඡා සිදුකරන ලදී.  

මෙහිදී අදහස් දක්වමින් Huawei ආසියානු-පැසිෆික් කලාපයේ උප සභාපති ජේ චෙන් මෙලෙස පවසා සිටියි. “තාක්ෂණික කුසලතා යනු ඕනෑම රටක ආර්ථික වර්ධනය උදෙසා මූලික වන සාධකයක්. නමුත්, මෙම තාක්ෂණික කුසලතා නොමැතිකම  වර්තමානයේ බොහෝ රටවල් මුහුණ දෙන විශාලතම අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. මෙම තත්ත්වයට සාර්ථක විසඳුම් ලබා දීමට ඉදිරි වසර පහක කාලය තුල  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල ලක්ෂයකට අධික කුසලතා වර්ධනය උදෙසා Huawei කැපවී ක්‍රියා කරනවා.”

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද  සිල්වා මහතා පවසා සිටියේ Huawei විසින් ශ්‍රී ලංකා රජය වෙත දක්වන මෙම සහයෝගය අගය කර සිටින බවයි.  තවද, ශ්‍රී ලංකාව තුළ තාක්ෂණික කුසලතා වලින් පිරිපුන් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකට එක්ව ක්‍රියා කල යුතු බව හෙතෙම අවධාරණය කළේය.  Huawei වැනි සමාගම්  ICT Academy වැනි ව්‍යාපෘති හරහා දේශීය තාක්ෂණික සංවර්ධනයට දක්වන දායකත්වය අගය කරන බවත්, ඩිජිටල් තාක්ෂණය හරහා වඩාත් සම්බන්ධිත ලොවක් නිර්මාණය කිරීමට සැවොම එකට එක්විය යුතු බවත් පවසා සිටියේය.  තවද, ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව, ගෝලීය රැකියා වෙළඳ පොළවල් තුළ වූ තාක්ෂණික අවශ්‍යතා  සපුරාලීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සමඟ ගෝලීය වශයෙන් පිළිගත් ‘තාක්‍ෂණ ශිල්පීන්’ බිහිකිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් හෙතෙම අවධාරණය කරන ලදී. 

Huawei තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇකඩමිය මේ වසරේදී දියත් කරනුයේ මුලිකාංග ත්‍රිත්වයක් කෙරෙහි අවධානය යොමු කරමිනි.  මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තීය පුහුණුව සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධ නවෝත්පාදන සිදු කිරීම එම මුලිකාංග ත්‍රිත්වයයි. 

මෙම සාකච්චාවට සහභාගී වූ මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය චතුර  ද සිල්වා මහතා මෙලෙස පවසා සිටියි. “තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා ඩිජිටල් ආර්ථිකයක මූලික අත්තිවාරම යැයි කිව හැකියි.  මොරටුව විශ්ව විද්‍යාලය කලාපයේ තරඟකාරීම විශ්ව විද්‍යාලයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම සඳහා කැපවී සිටිනවා.  කාර්මික අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම තුළින් Huawei හා එක්ව අපගේ සිසුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට හැකිවීම ගැන අපි සතුටු වනවා.”

“තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම  සඳහා ඩිජිටල් කුසලතා පරතරය අවම කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින්  ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙහිදී කරුණු අවධාරණය කරන ලදී.  වෙන කවරදාටත් වඩා, වසංගතය නිසා ඇති වන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඩිජිටල් කුසලතා සහ නව්‍ය තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් අවශ්‍ය වේ. කලාපයේ තිරසාර සංවර්ධනය සඳහා Huawei වැනි පෞද්ගලික සමාගම් ලබා දෙන දායකත්වය මම බෙහෙවින් අගය කරමි.”  බංග්ලාදේශයේ UNESCO නියෝජිත බියට්‍රිස් කල්දුන් මහත්මිය පැවසුවාය.

සිසුන්ට සහ වෘත්තිකයින්ට ඩිජිටල් විසඳුම් සහ දුරස්ථ ඉගෙනුම් සම්පත් සැපයීම සඳහා Huawei- UNESCO  ඇතුළු හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *