බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය නැවතත් ශ්‍රී ලංකාවේ

2021 මැයි 5 සිට අඛණ්ඩව දින අටක් ඔන්ලයින් ක්‍රමයට!

පොත් ලෝලීන් අතර වඩාත් කතා බහට ලක් වන ලෝකයේ විශාලතම පොත් අලෙවිය  වන බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවිය මැයි 5 වනදා සිට මැයි 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ඔන්ලයින් පොත් අලෙවියේ සුවිශේෂී  දෙවන ආගමනය පිළිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් නිවේදනයක කරන ලදී.  එම අවස්ථාවට බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘවරුන් වන  ඇන්ඩෘ යැප් හා  ජැක්ලින් එන්ග්  මෙන්ම  ප්‍රෝරීඩ්  ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ  නිශාන් වාසලතන්ත්‍රි  යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ  ශ්‍රී ලංකා හවුල්කරු දීපක් මාධවන් මහතාද ක්වාලාලම්පූර් සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඊට සම්බන්ධ විණි.

මෙහිදී අදහස් දක්වමින්  ප්‍රෝ රීඩ් ලංකා (පුද්) සමාගමේ අධ්‍යක්‍ෂ  නිෂාන් වාසලතන්ත්‍රි මහතා මෙසේ පැවසීය. “ලොව විශාලතම පොත් අලෙවිය පෙර නොවූ විරූ අභියෝග හේතුවෙන් අන්තර්ජාලය හරහා නැවත ශ්‍රී  ලංකාවට පැමිණෙනවා.  වසංගත තත්ත්වය හේතුවෙන්  අප පසුකරයන මෙවන් දුෂ්කර කාලසීමාවක,   බිග් බැඩ් වුල්ෆ් හි අපට අවශ්‍ය  වන්නේ සියලුම ශ්‍රී  ලාංකිකයන්ට   නිවෙස්වල සිට ඉතා ආරක්ෂිතව  සහ සුවපහසුව ඇතුව පොත් මිලට ගැනීමේ  අවස්ථාව ලබා දීමයි. ”

මෙවර පොත් ප්‍රදර්ශනය පිළිබඳ බිග් බැඩ් වුල්ෆ්හි සම-නිර්මාතෘ ඇන්ඩෘ  යැප්  මහතා මෙසේ පැවසීය. “අපගේ දෙවන ඔන්ලයින් පොත් අලෙවිය හරහා අපි මේ වසරේ පස්වන වතාවට ශ්‍රී  ලංකාවට පැමිණෙනවා. ගිය වර මෙන්ම, මෙවරද අන්තර්ජාලය හරහා වැඩි පිරිසකට සම්බන්ධ වීමට හැකිවීම ගැන අපි සැබවින්ම සතුටට පත්වන අතර ළමයින් සහ වැඩිහිටියන් අතර කියවීමේ පුරුද්ද වර්ධනය  කිරීමේ අපගේ මෙහෙවර ඉදිරියටටම  කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා”.

මේ පිළිබඳ බිග් බැඩ් වුල්ෆ් හි  සම-නිර්මාතෘ ජැකලින් එන්ග් මෙසේ විස්තර කළා ය. “පොරොන්දු වූ පරිදි, පොත් ලෝලීන්ට 90% ක් දක්වා වූ වට්ටම්ද සමගින් අප මෙවර පැමිණෙනවා. තවද  අවම වශයෙන් රු. 9,000 ක පොත් මිලදී ගන්නන්ට නොමිලේ පොත් සිය නිවසටම  ප්‍රවාහනය කර ගැනීමේ හැකියාවද මෙවර හිමි වනවා.    බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණෙන තුරු  පොත් ලෝලීන් සේම, පාසැල් ළමුන්, විශ්ව විද්‍යාල  සිසුන්, තරුණයින් සහ ගුරුවරුන් වැනි පොත් සහ පෙළපොත් භාවිතා කරන්නන් ද ඉතා ආශාවෙන් බලා සිටින බව අප දන්නවා.

මෙවර පොත් ප්‍රදර්ශනය  පොත් ලෝලීන් හට විශාල වරප්‍රසාද රැසක් හිමිකර දීමට නියමිතය. මෙහිදී, අවම වශයෙන් රු. 17,000.00 මිලදීගැනීමක් සඳහා 10% වට්ටමක් ලබා දෙන අතර, “එක් පොතක මිලට පොත් දෙකක් මිලදී ගැනීම  ” සහ “ඕනෑම ආකාරයේ පොත් තුනක් පොත් දෙකක මිලට මිලදී ගැනීම ” වැනි  ප්‍රවර්ධන  කටයුතුද සංවිධානය කර ඇත. තවද, බිග් බැඩ් වුල්ෆ්  සම්පත් බැංකුව සහ TNL රේඩියෝ ජාලය සමඟ හවුල් වී සුවිශේෂී  තරඟ දීමනා ලබා දීමටද සූදානම් කර ඇත. රු. 10,000.00 කට වඩා  මිලදීගැනීම් සිදු කරන සම්පත් කාඩ් හිමියන්ට බැංකුව සමග සම්බන්ධ වී  ඔවුන්ගේ ගෙවීම් මාස 3, 6 හෝ 12 වාරික වාරික සැලැස්මක් බවට පරිවර්තනය කළ හැකිය. Lite 87 සහ TNL  ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඔවුන් විසින් සංවිධානය කරන ලද  ගුවන් විදුලි තරඟයකට සහභාගී වීමෙන් 1,000 ක් වටිනා ඊ-වවුචර් 20ක් දිනා ගැනීමේ අවස්ථාවද හිමිවනු ඇත.

පාරිභෝගිකයින්ට සහ රසිකයින්ට 2021 මැයි 5 වනදා මධ්‍යම රාත්‍රියේ  සිට  මැයි 12 දක්වා www.bigbadwolfbooks.lk හි බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවි වෙබ් අඩවියට පිවිසිය හැකි අතර  වුල්ෆ්, පොත් ලෝලීන්ට ආරාධනා කරන්නේ නවතම තොරතුරු දැන  ගැනීම  සඳහා  බිග් බැඩ් වුල්ෆ්ගේ නිල ෆේස්බුක් පිටුව: www.facebook.com/bbwbookssrilanka සහ Instagram පිටුවට  www.instagram.com/bigbadwolfbooks_lk පිවිසෙන ලෙසටය.

බිග් බැඩ් වුල්ෆ් පොත් ගැන

තමන් සතුව පැවතී ආශාවක ප්‍රතිපලයක්  ලෙස  ඇන්ඩෘ යාප් සහ ජැකලින් එන්ග් විසින් 2009 දී මැලේසියාවේ ක්වලාලම්පූර් හි ගබඩාවක් ලෙස බිග් බැඩ් වුල්ෆ් පොත් අලෙවිය ආරම්භ කරන ලදී. පොත්වල දැරිය හැකි මිල ගණන් සහ පහසුවෙන් ලබා ගත හැකි වීම තුලින් පොත් අලෙවියට විශාල ආකර්ෂණයක් ලැබුණු  අතර, සැනෙකින්  බිග් බැඩ් වුල්ෆ් පොත් අලෙවිය රටවල් පුරා පැවැත්වෙන සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය.

නිර්දේශිත සිල්ලර මිලෙන් 75% සිට 95% දක්වා අඩු මිලකට අළුත් ඉංග්රීසි පොත් ලබා දීම සහ දැරිය හැකි, ප්‍රවේශ  විය හැකි කියවීමේ ප්‍රීතිය  සොයා ගැනීමට සියලු වයස්වල පුද්ගලයින් දිරිමත් කිරීමේ මූලික අරමුණ අතැතිව කටයුතු කරන , බිග් බැඩ් වුල්ෆ් පොත් අලෙවිය පුළුල් පරාසයක පවතීන  ප්‍රබන්ධ  සහ  ප්‍රබන්ධ  නොවන හොඳම අලෙවියක් සහිත, තරුණ වැඩිහිටි ප්‍රබන්ධ මෙන්ම ළමා පොත් විශාල එකතුවක් ඇතුළුව සියලුම ප්‍රභේද වලින් යුතු  පොත් වලින් සමන්විතය.

ලොව පුරා විසිරි සිටින පොත් ලෝලීන්ට පොත් මිලදීගැනීම පහසු කිරීමේ අරමුණ පෙරදැඩි කරගනිමින් බිග් බැඩ් වුල්ෆ් පොත් අලෙවිය මැලේසියාවේ නගර හරහා සංචාරය කර කාම්බෝජය, ඉන්දුනීසියාව, කොරියාව, මියන්මාරය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්යය යන රටවල සාර්ථකව පවත්වා ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *