SLINTEC හා මල්ටිලැක් කෙයා වෙතින් කොවිඩ් වෛරසයට එරෙහිව NOVID Antiviral සහ Antibacterial Spray හඳුන්වා දෙයි

මල්ටිලැක් කෙයා, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) හා එක්ව කොවිඩ් 19ට එරෙහිව කටයුතු කිරීමේ පුරෝගාමී  අභිලාසයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම   Antiviral සහ Antibacterial Spray මෑතක දී හඳුන්වා දෙන ලදි.

කොරෝනා වෛරසය 99%ක් විනාශ කිරීම සදහා නව  NOVID antiviral සහ antibacterial spray  ශ්‍රී ලංකාවේ දී එළි දැක්වෙන ප්‍රථම අවස්ථාවයි.  කෙටි කාලයකට පමණක් ඵලදායී වන සම්ප්‍රදායික විසබීජ නාසනයන් හා සැසදීමේ දී මෙහි ඇති වඩාත් සුවිශේෂී ලක්ෂණය නම්,  NOVID antiviral සහ antibacterial spray එක්වරක් ආලේප කිරීම මගින් දිගු කාලයක් පවත්නා උසස් මට්ටමේ ආරක්ෂාවක් තහවුරු කිරීමයි.

නව  NOVID antiviral සහ antibacterial spray ආලේප කරන ලද පෘෂ්ඨයන් මත ඇති වෛරසය සහ බැක්ටීරියා 99.9%ක් විනාශ කරන බවට එක්සත් රාජධානියේ ලන්ඩන් හි විද්‍යාත්මක වෛරස් පරීක්ෂණාගාරය විසින් තහවුරු කර ඇත.

මල්ටිලැක් කෙයා හි ප්‍රධාන විධායක නිළධාරිණි මිශා මිස්වර් ඉස්මයිල්  මෙම NOVID Anti-Septic Spray පිළිබද සිය අදහස් පළ කළේ,  ‘’අපි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමග එක් වී  කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා  ප්‍රතිඵලදායී විසදුමක්  සංවර්ධනය කිරීමට කටයුතු කරනවා, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට සහය වෙමින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීමේ අපගේ කාර්යභාරය ඉටු කිරීම පිළිබදව අපි ඉතා ආඩම්බර වෙනවා.’’ යනුවෙනි.

NOVID antiviral සහ antibacterial spray බුරුසුවක් සමගින් ඇසුරුම් කර ඇති අතර එමගින් මතුපිට පෘෂ්ඨයන් මත වඩාත් හොදින් ආලේප කිරීමට හැකියාව ලැබේ.

NOVID antiviral සහ antibacterial spray, රෝලරයක් මගින්, ඉසීම හෝ පිස දැමීම මගින් ලී, වානේ, ප්ලාස්ටික්, රෙදි, බිත්ති හෝ සිමෙන්ති මතුපිට මෙන් ම දොර හසුරුවන සහ බිත්ති ස්විචයන් යන ඕනෑම මතුපිටක තැවරීමෙන් වෛරස් විනාශ කිරීම සිදු කළ හැක. උසස් නැනෝ තාක්‍ෂණයෙන් බල ගැන්වෙන NOVID spray ස්වයංක්‍රීයව මතුපිට පෘෂ්ඨයන් ප්‍රති-ක්ෂුද්‍රජීවී කලාපයක් බවට පරිවර්තනය කරයි, එමඟින් පෘෂ්ඨයන් වටා වාතය පිරිසිදු කර වාතය තුළ ඇති බැක්ටීරියා ඉවත් කිරීමෙන් ප්‍රදේශය ආරක්ෂිතව තබයි.

SLINTEC හි පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රධානී ආචාර්ය අසීස් මුඛාරක්, ‘’සාර්ථක ජාතියක ආර්ථික වර්ධනයට නවෝත්පාදනය ප්‍රධාන සාධකයක් වේ. එහෙත් පර්යේෂණ ප්‍රතිඵල, ආර්ථික ප්‍රතිලාභ බවට පරිවර්තනය කිරීමට, පර්යේෂණ හා සංවර්ධන ආයතන හා කර්මාන්ත අතර  ක්‍රියාකාරී සහයෝගීතාවයක් තිබිය යුතුය. SLINTEC හා මල්ටිලැක් කෙයා අතර සහයෝගීතාවයේ ඵලදායී ප්‍රතිඵලයක් ලෙස බිහි වූ NOVID මේ සම්බන්ධයෙන් දිය හැකි හොදම උදාහරණයයි.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

NOVID spray මගින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට හා පහසුවෙන් ගැල්වීමට මතුපිට පෘෂ්ඨයන් පිරිසිදු හා වියළි බවට තහවුරු කර ගත යුතුය. ඕනෑම මතු පිටක ස්ප්‍රේ කිරීම හා පිස දැමීමට පෙර හොදින් සෙලවීම ද සිදු කළ යුතුය.  NOVID spray භාවිතයෙන්ම පමණක් කොවිඩ් 19 වෛරසයෙන් 100%ක් ආරක්ෂාව ලැබේ යැයි සහතික කළ නොහැකි අතර නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙස ද NOVID භාවිතා කරන්නන්ට උපදෙස් දෙයි.

සාඩම්බර ශ්‍රී ලාංකික සමාගමක් ලෙස,  මල්ටිලැක් නිෂ්පාදකයා වන මැක්සන්ස් පේන්ට් ලංකා පෞද්ගලික සමාගම පාරිභෝගික අවශ්‍යතා, පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර, කාලානුරූපී අවශ්‍යතා සැපිරීමට ලෝක මට්ටමේ  නව නිෂ්පාදන නිරන්තරයෙන්  නිර්මාණය කරයි.  රටේ ආර්ථිකයට අඛණ්ඩ දායකත්වය ලබා දෙමින්, රටවල් 10කට වැඩි ගණනකට සිය නිෂ්පාදන අපනයනය කරමින්, සුප්‍රසිද්ධ නවෝත්පාදන හා ජාත්‍යන්තර ගුණාත්මක බවින් යුත් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ලෝක වේදිකාවට ඔසවා තබයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *