සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා වසරේ ප්‍රධාන විධායක නිළධාරියා සම්මානයෙන් පිදුම් ලබයි.

මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 හි දී, වසරේ ප්‍රධාන විධායක නිළධාරියා (“CEO of The Year”) ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ආයතනික නායකයෙකු ලෙස ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 2020 වසරේ දී ඔහු සිය වෘත්තීය ජීවිතයේ නව පියවරකට ළඟා වෙමින් Lanka Hospitals Diagnostics හි ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කරන කාලය තුළ දී මෙම සම්මානය වෙනුවෙන් සිය සියලු ශක්තීන් මුදා හරින ලදී.

ලෝක අලෙවිකරණ සංගමය හා CMO Asia විසින්  වාර්ෂිකව ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන උළෙල පවත්වනු ලබන්නේ, අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වයන් හදුනා ගනිමිනි. සන්නාමකරණය,  පාරිභෝගික සබඳතා සහ බලපෑම මත පදනම් වූ දායකත්වය තුළින් සමාජීය වෙනසක් ඇති කිරීම සදහා කළ  කැපවීම මත හොදම සංවිධාන, සන්නාම හා පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 මෙම වසරේ දී  අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි.

මේ වන විට ප්‍රදීප් එඩ්වඩ් මහතාගේ නව්‍යකරණ දැක්ම සහ පෘථුල අත්දැකීම් සම්භාරය අනුව මෙරට දැවැන්ත ව්‍යාපාර ජාලයක් ලෙස ඉදිරියට පැමිණීමට ද සදාහරිත ව්‍යාපාර සමූහයට සුවිසල් ශක්තියක් හිමිව තිබේ. එහිදී , ආයෝජන කළමනාකරණ විසඳුම් සැපයීම සඳහා සදාහරිත ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ද, කාබනික එලවළු හා පලතුරු අපනයනය සිදුකරන සදාහරිත ඇග්‍රි ෆාම්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම ද, දේපළ සංවර්ධනය කටයුතු සිදුකරන සදාහරිත ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පුද්ගලික සමාගම ද මෙන්ම සදාහරිත කැපිටල් ට්‍රස්ට් සමාගම ද ආදී වශයෙන් ආයතන රැසක් ම සදාහරිත ව්‍යාපාර සමූහය යටතේ මේ වනවිට ක්‍රියාත්මක වේ.

මෙම සම්මානය පිළිබද  ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා  සිය අදහස් පළ කරමින් මෙසේ පැවසීය. “ලොව ඉහළ මට්ටමේ සම්මාන උළෙලක “වසරේ ප්‍රධාන විධායක නිළධාරියා” ලෙස හදුනා ගනු ලැබීම ගෞරවයක්,  ඉතා අසීරු කාලයක දී පවා මා සමඟ රැදෙමින් මාගේ අරමුණු දිනා ගැනීමට සම්පූර්ණ සහයෝගය ලබා දුන් මගේ කාර්‍ය මණ්ඩලය වෙත මෙම සම්මානය පිළිගන්වනවා. මෙම සෑම ජයග්‍රහණයක්ම සාමුහික ප්‍රයන්තයක ප්‍රතිඵලයක්. මෙවැනි කැප වූ, වෙහෙස වී වැඩ කරන කණ්ඩායමක් මෙහෙයවීම සම්බන්ධයෙන් මම ඉතා ආඩම්බර වෙනවා”

ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා දේශීය හා බහු ජාතික සමාගම් හි වසර 25කට වැඩි වෘත්තීය අත්දැකීම්වලින් පරිපූර්ණතත්වයක් ලබා ඇත. වසර 20කට වැඩි පරිපාලන මට්ටමේ අත්දැකීම් හා ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මෙහෙයුම් මට්ටමේ වසර 10ක අත්දැකීම්වලින් ද පරිපූර්ණය. ඔහු වරලත් අලෙවිකරණ ආයතනය, එක්සත්  රාජධානියේ කළමණාකරණ විශේෂවේදී ආයතනය,  සහ මැලේසියා අලෙවිකරණ ආයතනයෙ හි ද  සාමාජිකත්ව 03ක් දරයි.  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) යාවජීව සාමාජිකයෙකු වන අතර (SLIM), ශ්‍රී ලංකාවේ Pharma Promoters Association හි හිටපු සභාපතිවරයා ද වේ. ඒසේම එතුමන් ශ්‍රී ලංකා Chamber of the Pharmaceutical Industry (SLCPI) හි ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.  එසේම එඩ්වඩ් මහතා විනිසුරුවරයෙක් හා දේශකවරයෙක් ලෙස දේශීය හා ජාත්‍යන්තර විවිධ වැඩසටහන්  නියෝජනය කරන ලද අතර , ජාතිය වෙනුවෙන් ඔහුගේ අගනා සේවය අගයනු වස් දේශමාන්‍ය සම්මානයෙන් ද ඔහු පිදුම් ලබන ලදි. වර්තමානයේ ආසියා අලෙවිකරණ සම්මේලනයේ (AMF ආසියානු රටවල් 18ක් නියෝජනය කරයි) මහලේකම්වරයා සහ කොළඹ කළමණාකරණ සමාජයේ සභාපති යන තනතුරු ද එතුමන් හොබවයි. ආසියානු යෞවන සම්මාන හා කාන්තා සම්මාන සඳහා විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෑතක දී ඔහු පත් කරන ලදී. ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහුගේ මග පෙන්වීම යටතේ, 2018 වර්ෂයේදී Lanka Hospitals Diagnostics  විසින් ආදායම මත 18% ක වර්ධනයක් සහ 49% ක ලාභදායි වර්ධනයක් අත්කර ගෙන ඇති අතර වඩාත් වැදගත්ම දෙය වන්නේ, 2019 අපේ‍්‍රල් ත්‍රස්ත ප්‍රහාරයෙන්  පසුව පවා පිළිවෙලින් 9% ඉහළ මට්ටමේ සහ 18% ක පහළ මට්ටමේ වර්ධනයක් සමග 2019 දී 100% ලාභදායිතා ඉලක්ක සපුරා ගැනීමයි.

ජායාරූප විස්තරය:  ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ්  –  විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිළධාරී

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *