නිවසේ සිට කාර්යාලීය රාජකාරි කිරීම (Work From Home) සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු (Learn From Home) පහසු කරවන Huawei උපාංග

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද පහසු මෙන්ම ආරක්ෂාකාරී උපාංග සැපයීමට Huawei සමාගම සමත්වී ඇත.

“Huawei හි ලැප්ටොප් සහ ටැබ්ලට් මාදිලයන් හි  multi screen collaboration වැනි නව්‍ය අංගයන් නිවසේ සිට කාර්යාලිය රාජකාරි සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පරිශීලකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන අතර මෙම උපාංගයන්හි ඇති උසස් තාක්ෂණය නිසා කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව හා කාර්යක්ෂමව තම වැඩකටයුතු කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. මේ වනවිට Huawei MateBook X Pro , Huawei MateBook 13, Huawei MateBook D 15 සහ Huawei MatePad Pro යන උපාංගයන් සදහා ඉහල ඉල්ලුමක් ලැබී තිබෙන අතර නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීමේ කටයුතු කරන බොහෝ දෙනා මෙම උපාංග වෙත ආකර්ෂණය වීම මෙයට හේතුව ලෙස පෙනීයයි .

Huawei හි ලැප්ටොප් මාදිලි අතරට එක්වූ  නවතම  Huawei MateBook X Pro, matebook ලැප්ටොප් මාලාවේ ප්‍රමුඛයාය. එය කිලෝග්‍රෑම්  1.3 ක සැහැල්ලු බරකින් යුක්ත වන අතර අඟල් 13.9 ක තිරයකින් සහ   3K huawei  full view display එකකින්  යුක්ත වේ. වීඩියෝ කාර්යයන් සඳහා වඩාත් සුදුසු, Huawei MateBook X Pro තුළ 16GB LPDDR3 RAM, NVIDIA® GeForce® MX250 Graphics , 1 TB NVMe PCIe SSD Storage  ඇතුළත් වේ. 55Wh බැටරියක් මගින් බල ගැන්වෙන එය පැය 13 ක වීඩියෝ නැරබිමේ පහසුව  සපයන අතර එය වීඩියෝ සම්මන්ත්‍රණ ඇතුළු කාර්යබහුල කාර්යයන් සඳහා ඉතා සුදුසු වේ.

Huawei MateBook 13, අඟල් 13 ක  2K Huawei Full view display එකක් සමඟ පැමිණෙන අතර බර කිලෝග්‍රෑම් 1.3 කි. එහි Intel version එක  10th Gen  Intel® Core ™ i5 -10210U ප්‍රොසෙසරයක්, 16GB LPDDR3 RAM, NVIDIA eGeForce® MX250 Graphic සහ 512GB PCIe SSD ඉඩකින් (Storage ) සමන්විත වේ. ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක වන්නේ 41.7 Wh බැටරියකින් වන අතර එමගින් පැය 11.6 ක් දක්වා  වීඩියෝ නැරබිමේ හැකියාව ලැබේ. එයින් අදහස් කරනුයේ  දැන් පරිශීලකයින්ට නිතර නිතර ඔවුන්ගේ උපාංග  charge කිරීමට අවශ්‍ය නොවන බව වන අතර බැටරි කාලය ගැන කරදර නොවී ඕනෑම තැනක සිට වැඩ කළ හැකි බවයි.  Huawei MateBook 13 හි AMD version එකේ AMD Ryzen ™ 5 3500U ප්‍රොසෙසරයක්, 16GB DDR4 RAM, Radeon ™ Vega 8 Graphics, 512GB PCIe SSD ඉඩකින් (Storage ) යුක්ත වේ

Huawei MateBook 13 යනු නවීන තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විතව, වෘත්තීය මෙන්ම ගෘහ ජිවිතයේද කාර්යයන් රැසක් පහසු කරන ලැප්ටොප් මාදිලියකි. අඟල් 13ක සිහින් නිමාවකින් යුත් MateBook 13 හි 88% screen-to-body-ratio පරිශීලකයාට පුළුල් නැරඹීමේ අත්දැකීමක් හිමි කර දෙයි.. 

MateBook D 15 හි 87% screen to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම් 1.62ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර් 16.95 ක් තරම් වූ ඝනකම (thickness) හේතුවෙන් ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.  MateBook D 15 හි keyboard මත වූ pop up වෙබ් කැමරාව ශ්‍රී ලංකික පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක්, පෞද්ගලිකත්වයක් හා ආරක්ෂාවක් ලබා දෙන අතර, smooth touch pad සහ key board වැඩි වෙලාවක් typing වැනි ක්‍රියාවල  නිරතව සිටින්නන්ට ඉතා පහසු අත්දැකීමක් හිමි කර දී ඇත. තවද මෙහි power button, fingerprint තාක්ෂණය හරහා බලගන්වා ඇති හෙයින් පරිගණකයේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් හිමි වේ.

Tablet  සඳහා මනාපයක් ඇති පරිශීලකයින් සඳහා, Matepad Pro ටැබ්ලටය වඩාත් සුදුසු තේරීමකි. අඟල් 10.8 ටැබ්ලට් පරිගණකයේ 2K Huawei  Fullview display ඇති අතර නවතම Kirin  990 Chip set එකකින් සමන්විත වේ. එය සමඟ එන Huawei M ස්මාර්ට් පැන්සල සුමට අතින් ලිවීමේ උපාංගයක් වන අතර එය  නිර්මාණශීලිත්වයෙන් යුතු පරිශීලකයින් ට කදිම විසදුමකි. එහි ස්මාර්ට් චුම්බක යතුරුපුවරුව type කිරීමේදී පරිශීලකයින්ට ලැප්ටොප් ආකාරයේ අත්දැකීමක් ලබා දෙයි.

Huawei MatePad Pro යනු midrange ලැප්ටොප් පරිගණකයක් ලෙසද ස්මාර්ට් ජංගම දුරකතනයක් ලෙසද භාවිතා කල හැක .එහි 13mp පසුපස කැමරාවක් සහ 8mp ඉදිරිපස කැමරාවකින් සමන්විත අතර 7250mAh විශාල බැටරිය පැය 12 ක් අඛණ්ඩව භාවිතා කිරීමේ හැකියාව පවතී.

Huawei MateBook  පරිගණකයන්හි ඇති තවත් එක් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ multi-screen collaboration තාක්ෂණයයි. මෙය Huawei Share පහසුකම ලෙසද හදුන්වයි .multi-screen collaboration  විශේෂාංගය හරහා ස්මාර්ට් දුරකතනයේ තිරය, ලැප්ටොප් තිරය තුළින් මෙහෙයවිය හැකි වීම සහ ස්මාර්ට් දුරකතනය තුළ තිබෙන දත්ත ලැප්ටොප් පරිගණකය වෙතත්, පරිගණකය තුළ තිබෙන දත්ත ස්මාර්ට් දුරකතනය වෙතත් පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් හුවමාරු කළ හැකි වීම එදිනෙදා කාර්යන් රැසක් පහසු කර ඇත.මෙම multi-screen collaboration විශේෂාංගය ක්‍රියාත්මක කිරීම සඳහා ලැප්ටොප් පරිගණකයේ PC Manager, Version 10 හෝ පසු version එකක් සඳහා අප්ඩේට් කළ යුතු අතර, ඒ සඳහා ගැළපෙන  NFC feature සහ  EMUI 10 සමගින් එන ස්මාර්ට් දුරකතනයක් හා ඒකාබද්ධ කළ යුතුය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *