VMware, ඩිජිටල් නවෝත්පාදන පාදක කර ගත් නව යුගයක් කරා ශ්‍රී ලංකාව යොමු කරමින් නවතම 5G හා වැඩි දියුණු කළ Edge මෘදුකාංග නිකුත් කරයි

ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන VMware, සමාගම මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන සැපයුම්කරුවන් බල ගන්වමින්, වැඩි වන 5G නවෝත්පාදන අවශ්‍යතාවන්ට සරිලන පරිදි එහි 5G Telco Cloud Platform හඳුන්වා දෙනු ලැබිණි. VMware  හඳුන්වා දුන් මෙම 5G Telco Cloud Platform මගින්, සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වෙත නිරතුරුවම වෘත්තීය මට්ටමේ, ඉහළම ක්‍රියාකාරිත්වයෙන් යුතු ඩිජිටල් යටිතල පහසුකම්වලින් යුතු Cloud විසඳුම් හඳුන්වා දෙමින්, ඔවුන්ට ශ්‍රී ලංකාවේ නැගී එන cloud හා ජංගම උපාංග ප්‍රමුඛ කරගත් ආර්ථිකය කරා පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමටද අවකාශ සලසා දෙනු ලැබේ.  ඒ හේතුවෙන් අනාගතයට සරිලන පරිදි රටපුරා යෙදවුම් සංවර්ධනය කිරීමට සන්නිවේදන සැපයුම්කරුවන් හට මග සැලසේ.

ඉදිරි වසර 15 ඇතුළත, 5G තාක්ෂණික යෙදවුම් හා මෘදුකාංග මගින් VMware, ආසියාවේ ආර්ථිකයට ඩොලර් බිලියන 900 ක පමණ දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන අතර, ආයතනයන්හි ඩිජිටල් පරිවර්තන සඳහා වන උත්සාහයන් වේගවත් කිරීමට සහ ව්‍යාපාර නවෝත්පාදන අවස්ථා උදාකරලීම පිණිස මෙම තාක්ෂණය මගින් සැලසෙන ප්‍රතිලාභ අතිමහත්ය.

අද වන විට, 5G නවෝත්පාදන සමග ව්‍යාපාර බල ගැන්වීම පිණිස සන්නිවේදන සැපයුම්කරුවන් හට Cloud  මගින් බල ගැන්වුණු නවීනතම සන්නිවේදන ජාලයක් අවශ්‍ය වන අතර, එවැනි ජාලයක් මගින් ජාලය තුළ ක්‍රියාකාරිත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ ගුණාත්මකභාවය ක්‍රමවත්ව පවත්වා ගනිමින්, ඉහළම මට්ටමේ වේගවත් බවක් ලබා ගැනීමේ හැකියාව පවතී. VMware හි නවෝත්පාදනයක් වන multi-cloud අවකාශය මගින් 5G ජාලයන්හි ක්‍රියාකාරීත්වය සරල කිරීම හා වේගවත් කිරීම සිදුකරන අතර, සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හට Cloud ක්‍රමවේදයන් වෙත අනුගත වීමටද ඉඩ සලසයි. ඒ හේතුවෙන්, එම සේවා වෙත දිනෙන් දින වැඩිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා නවතම යෙදවුම් හා සේවාවන් වෙළෙඳ පොළට හඳුන්වා දීමට ඔවුන්ට හැකි වේ.

 “VMware විසින් අපගේ ගනුදෙනුකරුවන් ඉදිරියේ ඇති  වත්මන් ඩිජිටල් අභියෝගයන්ට විසඳුම් ලබා දෙන වැඩි දියුණු කළ telco හා edge cloud විසඳුම් හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරනවා. එමගින් ක්ෂේත්‍රයේ අනාගත අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ගැනීමට ඔවුන්ට හැකි වේ” යැයි VMware සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අලෙවි කළමනාකරු දේවේන්ද්‍ර මැනුවෙල් මහතා පැවසීය. “VMware Telco Cloud ඩිජිටල් යටිතල පහසුකම්වල ආධාරයෙන් දැන් Telco Cloud Platform මගින් දැන් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හට ඔවුන්ගේ නවතම යෙදවුම් හා සේවාවන් සැපයීමට, මෙහෙයුම් සංකීර්ණතා අවම කිරීමට හා හිමිකාරිත්ව ඉතුරුම්වල සමස්ත පිරිවැය අවබෝධ කර ගැනීම සඳහා ස්වකීය නවෝත්පාදන වේගය ඉහළ නංවා ගැනීමට අවකාශ සලසා ගත හැකියි. මේ සියල්ල මගින් ඔවුන්ගේ 5G ජාල තවදුරටත් ව්‍යාප්ත කර ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට සහය දැක්වීමටත් ඔවුන් වෙත හැකියාව පවතිනවා.” යැයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

VMware Telco Cloud ඩිජිටල් යටිතල පහසුකම් ඒකාබද්ධ කළ VMware Telco Cloud Platform යනු vCloud NFV විසඳුම් හා VMware Telco Cloud Automation සම්බන්ධයෙන් නවතම පරිණාමයක් ලෙසින්ද සඳහන් කළ හැකි වේ.  5G යෙදවුම් හා සේවාවන් සඳහා සකස් කළ Telco Cloud Platform විශේෂයෙන්ම සන්නිවේදන සේවා සැපයුම්කරුවන් ඉලක්ක කර නිපදවා ඇති අතර, එමගින් ඔවුනට Cloud තාක්ෂණය වැලඳ ගැනීමට හා  multi-cloud යටිතල පහසුකම් හරහා යෙදවුම් බෙදාහැරීමට හැකියාව සැලසීම එහි අරමුණයි. අද වන විට, සන්නිවේදන සේවා සැපයුම්කරුවන්, NFV ජාලවල සිට cloud ජාල වෙත පරිවර්තනය වෙද්දී, VMware මෘදුකාංගද සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හට, සන්නිවේදන ජාල හරහා දුරස්ථ ජාල කාර්යයන් (VNFs) හා Cloud Native ජාල කාර්යයන් (CNFs) හි මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාවර හා ඒකාබද්ධ වේදිකාවක් සැපයීම පිණිස, VMware vCloud NFV විසඳුම්වල සිට Telco Cloud ඩිජිටල් යටිතල විසඳුම් දක්වා පරිවර්තනය වී තිබේ. Telco Cloud යටිතල පහසුකම් සැලසුම් කර ඇත්තේ, සන්නිවේදනය කේන්ද්‍ර කරගත් වැඩිදියුණු කිරීම් සමග ජාල සේවා සැපයීම ප්‍රශස්ත කිරීම, බෙදා හරින ලද Cloud යෙදවීම් සඳහා සහාය වීම, මිලියන ගණනක් වන පාරිභෝගිකයින් හා ව්‍යාවසායකයින් සඳහා පරිමාණය සහ කාර්ය සාධනය සැපයීම අරමුණු කර ගනිමිනි. එමෙන්ම, සන්නිවේදන කේන්ද්‍ර කර ගත් මෙම වැඩි දියුණු කිරීම් මගින් වෘත්තීය ක්‍රියාකාරීකත්වයක් හා ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම, ගුණාත්මකභාවයක් පවත්වා ගත හැකි අතරම, ඉහළම වේගයක් හා කාර්යක්ෂමභාවයක් ළඟා කර ගැනීමටද සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හට මනා පිටිවහලක් වේ.

Telco Cloud යටිතල පහසුකම් සමගින් ඒකාබද්ධ වී ඇති VMware හි Telco Cloud Automation මෙහෙයුම් සරල කිරීම හා උපරිම සම්පත් භාවිතය සඳහා සේවා සැපයීම වේගවත් කිරීම පිණිස සම්පූර්ණ ජාල ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදු කරයි. එමෙන්ම එමගින්, යටිතල පහසුකම් හා CaaS සේවාවන් විධිමත්ව ස්ථාන ගත කරමින්, ප්‍රශස්ත යටිතල පහසුකම් සම්පත් වෙන් කරමින් සේවාව ස්වයංක්‍රීයව කළමණාකරණය කිරීම පිණිස සහය දක්වයි. එමෙන්ම, ධාරිතාව අවශ්‍ය විටක ZTP හරහා 5G සහ telco edge ජාල ව්‍යාප්තියද සැලකිය යුතු මට්ටමින් සරල කරයි.

සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් පවත්වාගෙන යන ජාල ක්‍රියාවලීන් මුදා හැරීම හා සේවාවන් වේගවත් කිරීමට, VMware Telco Cloud Automation සඳහා වන අමතර සහයක් ලෙසින් මෑතකදී VMware විසින්, Ready for Telco Cloud වැඩසටහනද හඳුන්වා දෙනු ලැබිණි. එම අවකාශය හඳුන්වා දීමත් සමග, ජාල මුදා හැරීම සඳහා ඉවහල් වන මෘදුකාංග VMware, තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටියි. තවද, එහි විෂය පථය බහාලුම් මත පදනම් වූ ජාල ක්‍රියාකාරකම් දක්වාම විහිදෙන අතර, එම කාර්ය භාරයන් ස්වයංක්‍රීයකරණයය මෙන්ම, VMware හි Cloud Native වලටද අනුකූල වේ. ඒ හේතුවෙන් සන්නිවේදන සේවා සැපයුම්කරුවන්ට සිය පිරිවැටුම් වර්ධනය කර ගන්නා අතරම, සහතික කළ ජාල කාර්යයන් VMware Telco Cloud අවකාශය තුළ කඩිනමින් පවත්වාගෙන යාම හා මුදා හැරීම අපේක්ෂා කළ හැකි වේ. අද වන විට, එම වැඩසටහනේ එක් පියවරක් ලෙසින් හවුල්කරුවන් 35 කට වැඩි පිරිසකට සහතික 180 කට වඩා ප්‍රදානය කර තිබේ.

එමෙන්ම, දුරස්ථ හා දුරස්ථ නොවන ජාල අතර පරතරය පියවීම සඳහා නිර්මාණය කර ඇති, ‍්Telco Cloud Operations පිළිබඳ දැනුම් දෙන VMware, එමගින් සජීවී ස්වයංක්‍රීය විසඳුමක් ගැනීමට ඉඩ සලසා තිබේ. එම විසඳුම මගින්, SD-WAN ඇතුළත්ව, වේගවත් දැක්මක් මෙන්ම පිරිවැය අවම කිරීම හා ප්‍රශස්ත පාරිභෝගික අත්දැකීම් පිරිනැමීම සඳහා ජාලය තුළ බහු-ස්ථර පූර්ණ අධීක්ෂණය සහ කාර්ය සාධනය කළමනාකරණය ආදී විසඳුම්ද එමගින් පිරි නමයි.  

එමෙන්ම, ක්‍රියාකාරී සහතික කිරීමක් සඳහා යන්ත්‍ර ඉගෙනුම් පාදක කර ගත් කාර්ය සාධන විශ්ලේෂණයක් හා  විචිත්‍ර මෙවලම් පුවරු (dashboards) ඒකාබද්ධ කරයි. Uhana solution මගින් ඌණ පූර්ණ සපයන VMware මගින් ගුවන්විදුලි ප්‍රවේශ ජාල (RANs) සඳහා ස්වයංක්‍රීයකරණය ක්‍රමවේදයන් සපයන බැවින්, සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හට සමස්ත ජාලය පිළිබඳ මනා දැක්මක් එමගින් ලබා ගත හැකි වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *