5G ස්මාර්ට් දුරකථනයක් ලෙස ප්‍රකට Huawei Nova 7 SE පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් සෑම ශ්‍රී ලාංකිකයකුටම

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් 5G තාක්ෂණය මඟින් බලගන්වා ඇති Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන පෙර වෙන්කරවා ගැනීම් සඳහා විවෘත කරයි. Nova පවුලේ ප්‍රථම 5G ස්මාර්ට් දුරකථනය වන Huawei Nova 7 SE  කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.

Space Silver, Crush Green සහ  Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනේදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

 2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් සුභදායක ආරංචියක් වනු ඇත.  

මෙම නවතම ස්මාර්ට් දුරකථන මාදිලිය පිළිබඳ අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පවසා සිටී.  “5G තාක්ෂණය මඟින් බලගන්වා ඇති Huawei Nova 7 SE නිසැකයෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට නවතම තාක්ෂණික අත්දැකීමක් එක්කරනු ඇති බව මාගේ විශ්වාසයයි. Nova පරම්පරාවේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් නිපදවූ  mid-range මාදිලියේ උපාංග වන අතර, Nova 7 SE  එහි ප්‍රමුඛත්වයක් ගනී.  

 Huawei විසින්  powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද විශේෂාංග සමඟින් mobile photography වලදී පැන නගින විවිධ ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට Huawei Nova 7 SE හරහා කටයුතු කර ඇත.  Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP (High resolution Lens, f/1.8 aperture) Quad Camera,  Main Camera, 8 MP (Ultra Wide Angle Lens, f/2.4 aperture), 2 MP (bokeh lens, f/2.4 aperture) සහ  2 MP (Macro lens, f/2.4 aperture), දවසේ ඕනෑම වෙලාවක ඉතා පැහැදිළි තත්වයේ අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ.

 Autofocus සහ Huawei AI image stabilization සඳහා Huawei NOVA 7SEහි rear camera සහය දක්වන අතර 960 fps slow motion 4K වීඩියෝ පටිගත කිරීමට ඒවා උපකාරී වේ. 16 MP (f/2.0 aperture) shooter සමගින් එන Nova 7 SE හරහා ඉහළ ගුණත්වයෙන් යුත් ස්වභාවික සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම පහසු කරයි.තවද රාත්‍රී කාලයේ වුවද ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ඡායාරූප ලබා ගැනීම පහසු කරන BM3D denoising algorithm විශේෂාංගය මෙහිදී සුවිශේෂී වේ.  මේ හේතුවෙන්  මොබයිල් ෆොටෝග්‍රෆි සඳහා ප්‍රිය කරන, වීඩියෝග්‍රෆි සිදු කරන සියලුම දෙනා සඳහා Huawei NOVA 7SE කදිම  ස්මාර්ට් දුරකථනයක් වනවා නොඅනුමානයි. 

 Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. EMUI 10.1 (Android 10) මත පදනම් වූ Huawei Nova 7 SE, Kirin 820 7nm 5G chipset මඟින් බලගන්වා ඇති අතර මේ තුළින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ස්මාර්ට් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. 

Huawei Nova 7 SE හි 40W Huawei SuperCharge පහසුකම දැන් අවම වෙලාවක් තුලදී දුරකථනය charge කරගැනීමේ හැකියාව ලබා දෙන අතර එහි 4000 mAh දිගු කාලීන බැටරි ධාරිතාවය දිනකටත් වඩා වැඩි කාලයක් දුරකතනයේ කාර්යන් සිදු කිරීම පහසු කිරීමද විශේෂත්වයකි.  

Huawei Nova 7 SE පෙර වෙන්කරවා ගැනීමට  පාරිභෝගිකයාට දැන් අවස්ථාව හිමි වන අතර,දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk  සහ බලයලත් නියෝජිත ජාලය හරහා රුපියල් 64,999/-.මුදලකට පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව හිමි වේ.  මෙහිදී සෑම Huawei Nova 7 SE  මිලදී ගැනීමක් සඳහාම Huawei විසින් පිරිණමන ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිවන අතර, පහසු ගෙවීම් ක්‍රම වලට මිලදී ගැනීමේ හැකියාවද පවතී. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *