ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවේ ICRA [A] – Stable ශ්‍රේණි ලත් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ එකම සමාගම වන ප්‍රයිම් සමුහය 10 වන වරටත් සංවිධානය කෙරුණු  BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. වෙබ් අඩවි සඳහා සම්මාන පිරි නැමීමට  වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ දී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා ගැනීමට ප්‍රයිම් සමූහය සමත් විය. එහිදී හොඳම ආයතනික වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානයත්, සමස්ථ තරගාවලියේ රිදී සම්මානයත් ඔවුන් දිනා ගත්තේය. එමගින් ඉදිරි තාක්‍ෂණ, නවෝත්පාදන සහ සැලසුම්කරණය කෙරෙහි ප්‍රයිම් සමූහයේ ඇති කැපවීම මනාව පිළිබිඹු කෙරිණි.

ප්‍රයිම් සමුහයේ www.primelands.lk ආයතනික වෙබ් අඩවිය මෙලෙස “Overall Winners” කාණ්ඩය යටතේ රිදී සම්මානයත්  “Corporate” කාණ්ඩය යටතේ රන් සම්මානයත් හිමි කර ගනු ලැබුවේ සමස්ත තරගකරුවන් 485ක් අතුරින් සිය විශිෂ්ටත්වය විදහා දක්වමිනි. ප්‍රයිම් සමූහයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අලෙවිකරණ කණ්ඩායම්වල කාර්යශුර්යභාවය කැපවීම සහ සාමූහික ප්‍රයත්නයන් මෙන්ම වෙබ් අඩවිය සංවර්ධනය කිරීම සඳහා යොදා ගෙන ඇති Lithium Technologies විශේෂඥභාවය ද මෙම අතිවිශිෂ්ට සාර්ථකත්වයට හේතු වී තිබේ.

ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “ව්‍යාපාරයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා උසස් තත්ත්වයේ වෙබ් අඩවියක් තිබීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. එමඟින් කවරදාටත් වඩා වර්තමානය වන විට පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කෙරෙනවා.”

මේ පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ ප්‍රේමලාල් මහතා “ශ්‍රි ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රභල හා ශක්තිමත් ස්ථාවරත්වයක් සහිත ඩිජිටල් සේවාවන් රාශියක් ප්‍රයිම් සමූහය සතුව තිබෙනවා. දේපළ සෙවීමේ පහසුකම් අතිශයින්ම ලෙහෙසි පහසු අන්දමින් සිදු කර ගැනීමට හැකි වන පරිදි අපගේ වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන අතර ඒ හරහා අපගේ වෙබ් අඩවිය සඳහා වන පිවිසීම් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අපගේ කණ්ඩායම්වල සාමූහික එකමුතුකම සහ කැපවීම ප්‍රයිම් සමුහය අනාගත සාර්ථකත්වය කරා යන ගමනට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.”යැයි පැවසීය.

BestWeb.lk සම්මාන උළෙල LK Domain Registry වෙතින් සංවිධානය කරනු ලබන අතර එමගින් සමාගම් වලට ඔවුන්ගේ වෙබ් අඩවි ප්‍රවර්ධනය සහ ජනප්‍රිය කරවීම සඳහා අවස්ථාව සලසයි. මෙමගින් visual appeal, usability සහ  popularity යන ක්‍ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරේ. මෙම ගෞරවනීය සම්මාන හිමිකර ගැනීමේ අරමුණින් මෙවර තරගාවලිය සඳහා වෙබ් අඩවි 485ක් තරග වැදුණි.

BestWeb.lk 2020 තරඟාවලියේදී  වෙබ් අඩවීන් හී  හැසිරීම, ප්‍රමිතිය, ක්‍රියාකාරිත්වය, නිර්මාණාත්මක විශිෂ්ඨත්වය, අන්තර්ගතය, අන්තර් ක්‍රියාකාරිත්වය, රහස්‍යභාවය සහ ආරක්ෂාව ඇතුළු තාක්ෂණික ලක්ෂණ මුලික කර ගනිමින් විනිශ්චය සිදු කර තිබුණි. එහිදී වෙබ් අඩවි පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුතු කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් පිරිසක් විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේය.

ප්‍රයිම් සමුහයේ වෙබ් අඩවිය ගනුදෙනු කරුවන්ට සහ අමුත්තන්ට Live Chat පහසුකම් සපයා ඇති අතර එමගින් ඔවුන්ට ඒ මොහොතේම විකිණුම් අලෙවි නියෝජිතයින් සමඟ සම්බන්ද වීමට අවස්ථාව සලසා දී ඇත. අන්තර්ජාලය හරහා සම්බන්ධවන බොහෝ ගනුදෙනුකරුවන් email සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව කතා බහ කිරීමට  වැඩි කැමැත්තක් දක්වන බැවින් මෙය පාරිභෝගිකයින්ට සැබවින්ම පහසුවක් ගෙන දෙයි. තවද, වෙබ් අඩවියේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ Property Virtual Tour Facility විශේෂාංගය වන අතර එමඟින් අනාගත ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිවෙස්වලට වී සැප පහසු අකාරයෙන් අපේක්ෂිත දේපළ නැරඹීමට අවස්ථාව හිමිවේ. මෙම පහසුකමෙහි සුවිශේෂී වටිනාකම පසුගිය COVID-19 වසංගතය පැතිර ගිය සමයේදී වඩාත් ඉහළින් දැනෙන්නට විය.

ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ සේවකයින්ගේ පක්ෂපාතිත්වය උසස්ම අන්දමින් සහ නිවැරදිව උපයා ගනිමින් ප්‍රයිම් සමූහය පසුගිය වසර 25 තුළ නිරන්තරයෙන්ම උසස් සේවාවක් ලබා දී ඇත. වසර පහක් පුරා Great Place to Work සම්මානයෙන් පිදුම් ලබා ඇති ප්‍රයිම් සමූහය ආසියාවේ හොඳම වෙළඳ නාම 100න් එකක් ලෙස ද කිරුළු පළඳන ලදී. PropertyGuru Asia Property Awards වෙතින් වසර දෙකක් ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධකයා ලෙස Best Developer in Sri Lanka සම්මානය ද හිමි කර ගෙන තිබේ.

එපමණක් නොව, ප්‍රයිම් සමුහය ශ්‍රී ලංකාවේ එකම ICRA [A] – Stable ශ්‍රේණිගත දේපල වෙළඳාම් සමාගම වන අතර එය මූල්‍ය ස්ථායිතාව අතින් සමාගමේ ශක්තිමත් බව විදහා පායි. ප්‍රයිම් සමූහය වසර ගණනාවක් පුරා තවත් සම්මාන රැසක් හිමිකර ගෙන ඇති අතර දකුණු ආසියාවේ හොඳම දේපළ වෙළඳාම් සමාගම බවට පත්වීමේ අභිප්‍රාය සහිතව, මිහිකතෙන් හොදම තැනක් ලබාදීමේ දිගු කාලින පුළුල් දැක්ම සාක්ෂාත් කරගනිමින් සිය ඉල්ලක්ක සපුරා ගනිමින් ඉදිරියට ඇදෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *