Rocell නිෂ්පාදන වෙනුවෙන් CNCI Achiever විශිෂ්ඨතා සම්මානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානය හිමි වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය යළි වරක් පසක් කරමින් Royal Ceramics Lanka PLC (Rocell) පසුගියදා  පැවැති  CNCI Achiever Awards 2023 සම්මාන උළෙලේදී නිෂ්පාදන විශිෂ්ටත්වයේ සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේය. කොළඹ Galadari හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ  මහා පරිමාණ නිෂ්පාදන අංශය වෙනුවෙන් Rocell දක්වන දායකත්වය සහ කැපවීම ඉහළ ඇගයීමකට ලක් විය.

Ceylon National Chamber of Industries විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී නිෂ්පාදන සහ සේවා යන අංශ ද්විත්වය සඳහාම සම්මාන පිරිනමන අතර එහිදී අඛණ්ඩව වසර ගණනාවක් පුරාවට   සිය නිෂ්පාදන ප්‍රමිතිය ඉස්මතු කරමින් Rocell   ඇගයුමට පාත්‍ර වීම ඉතා සුවිශේෂී කරුණකි.  නාන කාමර උපාංග සඳහා ජාතික MERIT සම්මානය , ජාතික SILVER සම්මානය සහ පළාත් රන් සම්මානය මෙන්ම  ටයිල් නිෂ්පාදන වෙනුවෙන් කීර්තිමත් TOP TEN සම්මානය ඇතුළු සම්මාන රාශියක්  මෙහිදී  Rocell විසින් දිනාගන්නා ලද අතර මෙම ඇගයීම් තුළින් ජාත්‍යන්තර මට්ටමේ ටයිල් නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීම සඳහා Rocell හි නොසැලෙන කැපවීම මෙන්ම එහි නිෂ්පාදන විශිෂ්ටත්වය පිළිබ‍ඳව මැනවින් පසක් වේ. තවද  කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ ‍ ‘2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන’ උළෙලේදී  ද ජාතික මට්ටමේ කර්මාන්ත ජයග්‍රාහකයාට හිමි සම්මානය Rocell වෙත හිමි විය. එම සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් පසුගියදා  කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැතිවිණි.

මෙම වසරේදී හිමි වූ සම්මාන පිළිබඳව අදහස් දක්වමින් Rocell හි කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා සිය  කෘතඥතාව මෙසේ ප්‍රකාශ කළේය. “මේ  ලැබුණු ඇගයීම් සියල්ලම අපට ඉමහත් ගෞරවයක්. අපි ඇත්තෙන්ම ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වෙනවා. මෙම ඇගයීම් තවදුරටත් ඉහළ නිෂ්පාදන විශිෂ්ටත්වයක් කරා ගමන් කිරීම සඳහා අපව දිරිමත් කරනවා.සමස්ත Rocell කණ්ඩායමේ නොසැලෙන කැපවීම අගයමින් මෙම සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීමට දායක වූ සියලු දෙනාටම මගේ හදපිරි සුබ පැතුම් පිරිනමනවා.”

1990 දී ආරම්භ කරන ලද Royal Ceramics Lanka PLC ජාත්‍යන්තර මට්ටමේ ටයිල් සහ නානකාමර උපාංග ශ්‍රී ලංකාවේ පාරිභොගික ජනතාව වෙත සපයමින් දිනෙන් දින ඉහළ යන මෙරට ටයිල් සහ නානකාමර අවශ්‍යතා සපුරාලීමට කැප වී සිටියි. නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නව්‍යකරණය වෙමින්  පාරිභෝගිකයා වෙත වඩාත් උසස්  තෘප්තිමත් සේවාවක් Rocell  නිරන්තරයෙන් පිරිනමයි. දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර හරහා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් අඛණ්ඩව පාරිභෝගිකයා වෙත ලබාදෙන Rocell  මෙරට වෙළෙඳපල තුළ වැඩිම ඉල්ලුමක් ඇති ගෘහ නිෂ්පාදන සන්නාමයකි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *